එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මහතාගේ නමින් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.
www.antonbalasingham.com ලෙස නම් කර ඇති එම වෙබ් අඩවිය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන්ද තොරතුරු ලබා ගත හැක.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ කාලයේදී බාලසිංහම් මහතා සිදු කළ සම්මුඛ සාකච්ඡා සහ දේශන රාශියක තොරතුරු එහි ඇතුළත් වී ඇති අතර එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ ගත් ඡායාරූප රැසක්ද එහි ඇතුළත්ය.
ඒ බොහෝ සාකච්ඡා 2000 දශකයේ මුල් භාගයේදී සිදු කළ ඒවා වීමද විශේෂත්වයකි.
මේ සියලු තොරතුරු බාලසිංහම් මහතාගේ බිරිඳ වන ඇඩෙලා බාලසිංහම් මහත්මියගේ අනුමැතිය මත පළ කරන බවද වෙබ් අඩවියේ මුල් පිටුවේ දක්වා ඇත.
කෙසේ නමුත් වෙබ් අඩවිය ආරම්භ කර දින කිහිපයක් ගත වෙද්දී ඊට හැකර් ප්‍රහාරයක්ද එල්ල වී ඇති අතර මේ වන විට එය නැවත යථා තත්ත්වයට පත් වී ඇත.










