අතිභයානක නව කොරෝනා ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් ගමන් සියල්ල තහනම් කර තිබියදී ශ්‍රී ලාංකිකයන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් බදාදා (23) සවස බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව වහාම එම ගුවන් මගීන් සියල්ලත්, කාර්ය මණ්ඩලයත් අතිවිශේෂ හුදකලා හෝටල් වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානා තහනම පැනවීමට ප්‍රථම එම ශ්‍රී ලන්කන් ගුවන් යානය බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ඇති බව දැනගන්නට තිබේ.










