ලක්ෂ එකහමාර බැගින් ගෙන බිළිදුන් 43 දෙනකු මුදලට විකිණූ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය සමත්ව ඇත.
මාතලේ ප්‍රදේශයේ කරන ලද වැටලීමකින් පසු මෙම පුද්ගලයා අක්අඩංගුවට පත්ව තිබේ.
මෙහිදී විකිණීම සදහා ළමයින් ලබා දීමට සූදානම්ව සිටි තවත් ගැබිණි මව්වරුන් 12 දෙනකුද අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය සමත්ව ඇත.
නිවාස 2ක් කුලියට ගෙන මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති මෙම පුද්ගලයා අදාළ නිවාස කුලියද මව්වරුන්ගෙන්ම අයකරගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම දරුවන් ලබා ගත් පිරිස අතර නීතීඥවරුන්, පොලිස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන්ද සිටින බව දැනගන්නට තිබේ.










