ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.
ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර සිටිය දී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අදාළ සභාපතිවරයා, රැස්වීම් කිහිපයකට සහභාගී වී ඇතැයි ද වාර්තා වී තිබේ.
කෙසේවෙතත් එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලවාකැලේ ලිඳුල, කොටගල, ආගරපතන, නො(ර්)වුඩ්, මස්කෙළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරු හා නගරාධිපතිවරු රැසක් සහභාගී වී ඇති බවට ද තොරතුරු අනාවරණය වු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.










