ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ (IDH) ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා “පැණිය” සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ මෙසේ ප්‍රකාශ කර ඇත.
“කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු ගිහිල්ලා. මාධ්‍යවලින් කරන ප්‍රචාර නිසානේ ඕව වෙන්නේ. ඒ නිසා අපි අනිත් දේවල් ගැන කිව්වට වැඩක් නැහැ. මේ ගැන කියන්න යන කාලෙත් අපරාදේ. දැන් රූපවාහිනියේ නම දාගන්න තියෙන ලේසිම වැඩේ තමයි එක්කෝ මෝඩ වැඩක් හරි නැත්නම් සම්මතයට විරුද්ධ වැඩක් කරන එක.එක්කෝ අමුවෙන් මාළු කන්න ඕනෑ. එහෙම නැත්නම් කවුරුහරි ඇවිල්ලා මොනවාහරි බෙහෙතක් තියෙනවා කිව්වාම ඒක අපි බොන්න ඕනෑ. නැත්නම් කියන්න ඕනෑ මට හොඳ කරන්න පුළුවන් කියලා. ඒ වගේ මාධ්‍ය කලාවකට අපි සම්බන්ධ වෙලා වැඩක් නැහැ. ඕවා ගැන කතාකරන මහන්සියත් අපරාදේ. වැඩක් නැහැ”










