කොරෝනා රෝග මර්දනය සදහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් එන්නත ලංකාවට ගෙන්වා ගැනීමට තීන්දු කර ඇති බව අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘මව්රට’ පුවත්පතට ප්‍රකාශ කළාය.
දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කොට ඇති බවද ඇය කීවාය.
අනෙක් එන්නත වන ෆසියර් එන්බයෝටෙක් එන්නත ගබඩා කර ගැනීමේ පහසුකම් ලංකාවේ අවම බැවින් ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහි අවධානය යොමු වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.










