• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ල-කුලියාපිටියෙන් පසු බැසිල් අයවැය අරන් අනුරපුරේ ගිහින් (PHOTOS)

December 17, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
ගාල්ල-කුලියාපිටියෙන් පසු බැසිල් අයවැය අරන් අනුරපුරේ ගිහින් (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජීවනෝපාය හා ආදායම් ඉහළ නැංවීම තුළ රටේ ආර්ථිකය රඳා පවතින බැවින් මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ ඊයේ (16) අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති උතුරු-මැද පළාත් කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි අයවැය යෝජනාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ දී වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘති වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස එහිදී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

එළඹෙන 21 හා 22 දිනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සියල්ල රැස් කරන්න කියා ඉල්ලා සිටිනවා. එම කමිටු කැඳවා එක් ග්‍රාම සේවා වසමකට අවම වශයෙන් “ගම සමඟ පිළිසඳරක් ” වැඩසටහන් එකක් හෝ පවත්වා ගම් මට්ටමින් යෝජනා ලබාගන්න.මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමට පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ජනාධිපතිතුමා වෙහෙසෙනවා. මේ අනුව ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට අවශ්‍ය සන්නිවේදන මාර්ග සකස් කර දෙන්න කටයුතු කරනවා. මෙවරත් කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා. ඒ වගේම “සැමට ජලය” ව්‍යාපෘතිය හරහා රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා.

මේ සියල්ල කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කරන අතරේ නාගරික වනරොදවල් ( urban forest) ඇති කරන්න කටයුතු කරනවා. වනජීවීන්ගෙන් ගොවීන්ට වන හානි අවම කරන්නත් විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

මෙවර අයවැයෙන් කාන්තා ව්‍යවසායිකාවන් බිහිකිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ගමට විදුලි බලය ලැබෙන විදියට ට්‍රාන්ස්ෆෝමර් 5000ක් විදුලිබලය නිෂ්පාදනය සඳහා සූර්ය බලය දෙන්න විදුලිබල අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

නොමිලේ පොහොර සහ ජල පහසුකම් ලබා දෙන්න රජය විශාල මුදලක් ගොවියන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එවැන්නක් කර කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් දෙන්නත් රජය කටයුතු කරනවා. නමුත් ඒ හා සමානව පාරිභෝගිකයාට ඒ සහනය ලැබෙනවා ද යන්න ගැටලුවක්. රජය සතුව ස්ථිරසාරව වී තොඟ නොමැති වීම ඊට හේතුව වී තිබෙනවා. ඊළග කන්නයේ සිට හැම ගොවියෙකුගෙන් සියයට 8ත් 10ත් අතර ප්‍රමානයක් වී මිලදී ගන්න රජය කටයුතු කරනවා. ගම් මට්ටමින් ධාන්‍යාගාර ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ සඳහා සමූපකාර හා ගොවි සමිති සඳහා සුදුසු ගබඩා සකස් කළයුතු වෙනවා. එවැනි ධාන්‍යාගාර වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදලක් වෙන්කර තිබෙනවා. වී මිලට ගන්න අවශ්‍ය මුදල්ද රජය මේ වන විටත් වෙන් කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරයට සමූපකාරයට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. අද සමූපකාර විශාල ප්‍රමාණයක් වැසී තිබෙනවා.

ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි පරිදි ලබාදෙන්න රජය පියවර ගෙන තිබෙනවා. මේ රජය අවශ්‍ය තරම් පොහොර ගෙන්වා තිබෙනවා. ගොවියාට අවශ්‍ය වෙලාවට පොහොර නොලැබෙන්නේ නම් නිසි ප්‍රයෝජන ගන්න බැහැ. පොහොර වෙනුවෙන්ම රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. පොහොර කාර්යාංශයක් තිබෙනවා. පොහොර ගෙන්වීම වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කරනවා. වරායෙන් සෘජුවම මේ පළාතට පොහොර එවනවා. ප්‍රජා මූල සංවිධාන හරහා ගමේ කටයුතු සිදුවෙනවා.

මේ වනවිට ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් සීමාව වැඩි කරන්න ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම ඉඩම් මායිම් කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබෙනවා. ඉඩම් මායිම් වෙනස් කිරීමට ද කිසිවෙකුටත් බලයක් දී නැහැ. ප්‍රාදේශීය ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න බලය තිබෙනවා. රටේ තිබෙන සංවේදී ප්‍රදේශයක් වන උතුරු මැද ජනතාවට මේ දක්වා ක්‍රියාත්මක කළ හැම ව්‍යාපෘතියකින්ම හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

SendShareShare
Previous Post

කුණු-පොලිතින් තාර කරන අලුත් වැඩක් රත්මලානේ

Next Post

කොරෝනා මරණ 6ක්: මුළු ගණන 160ක්

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.