කොරෝනා රෝගී තත්ත්වය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරන බවත්, මේවා අත්හදා බැලීමෙන් වළකින ලෙසත් දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
මේවායේ සංයුතිය යම් ප්‍රමාණයකින් හෝ වෙනස් වුවහොත් විස විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.











