බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් පොලිස්පතිවරයාට ලබාදුන් බවත්, එම උපදෙස් පළමුව පසුගිය අප්‍රේල් මාසයේ ලබාදුන් බවත්, එය ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට ඉඩතිබූ බවත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවස
නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ අසල අධිකරණ මාවතේ ඉදි කර ඇති නීතිපති දෙපාර්තමේන්තු කාර්යාලය අද උදෑසන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ලිවේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .
එම අවස්ථාවේ අදහස් දක්වමින් නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ, “මම මේ වසංගත සමයේ පොලිසියට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නා. අවස්ථා දෙකකදී බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කරන්න කියලා. මම අප්‍රේල් මාසයේදී ඉතා තදින්ම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ලෙසට. නමුත් පොලිස්පතිවරයා විසින් ඒ මාර්ගෝපදේශ හා උපදෙස් කිසිවක් ක්‍රියාවට නංවා නැහැ ඊට හේතුව මට අපැහැදිලියි. නැවතත් මම ඒ ගැන විමසුවා ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මගෙන් ඉල්ලීමක් කළා පොලිසියට උපදෙස් ලබාදෙන්න බන්ධනාගාරයේ සිටින වැඩි පිරිස අඩු කිරීමට. එම උපදෙස නොවැම්බර් මස අග වන විට ක්‍රියාවට නංවනු ලැබුවා. නමුත් අවාසනාවට මේ සිදුවීම ඇති වෙන්නේ නැහැ මගේ උපදෙස අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක කළා නම්. මම දුන්නේ විස්තර සහිත උපදෙස්,” යනුවෙනි.










