සිය රට කොරෝනා වයිරසයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී ඇති බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය.
ඒ අනුව අද දින සිට රට තුළ පනවා තිබූ සියලු සීමා කිරීම් ඉවත් කරන බවත්, ජනතාවට මුව ආවරණ පැළදීම හෝ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම අවශ්‍ය නැති බවත් ඇය සදහන් කොට ඇත.
කෙසේවෙතත් සංචාරකයන් සදහා තවමත් සිය රට විවෘත නොකරන බවද අගමැතිවරිය ප්‍රකාශ කළාය.










