මඩකලපුව වාලච්චේන කෝරළේපත්තු ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වූ අයවැය සම්මත වී ඇත්තේ මහා ගාලගෝට්ටියක් මැද බවත්, එසේ අයවැය සම්මත කරගෙන ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටියදී බවත් වාර්තා වේ.
එමෙන්ම අයවැය සම්මත කරගෙන ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ද සහභාගිත්වයෙන් තොරව බවද දැනගන්නට ඇත.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරන දෙමළ ජාතික සන්ධානයේ එම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කියා සිටින්නේ අයවැය පැවති දින උදෑසන ප්‍රධාන ගේට්ටුව වසා දමා තිබුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඔහුගේ ආධාරකරුවන් සමඟ සභාවට පැමිණි බවත්, ඔවුන් ගේට්ටුව කඩා ගෙන සභාවේ දොරවල් කඩාගෙන ඇතුළට පැමිණි බවත්ය.
එහිදී විශාල කලබලයක් ඇති වු බවත්, පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් විසින් කාන්තාවන්ටද පහර දුන් බවත්, ඔවුන් රෝහල්ගත කර ඇති බවත් මන්ත්‍රීවරු කියා සිටියහ.










