අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැය එකහමාරක සාකච්ජාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.
අයවැය ජන්ද විමසීමට පෙරාතුව මෙම සාකච්ජාව සිදුව ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රීලනිපය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට මතුව ඇති විවිධ අර්බූද විසඳා ගැනීම මෙම හමුවේ අරමුණ වී ඇති අතර ඊට ශ්‍රීලනිපය නියෝජනය කරමින් හිටපු ජනාධිපතිවරයාට අමතරව තවත් නියෝජිතයන් කිහිප දෙනකුද සහභාගී වී ඇති බව වාර්තා වේ.
පසුගිය සති කිහිපය ඇතුළත පොහොට්ටුවට බලය හිමි ප්‍රාදේශීය සභා කිහිපයක අයවැය පරාජයට පත් කිරීම සදහා ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව කරුණු සාකච්ජා වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් පැය එකහමාරක පමණ කාලවේලාවක් මෙම සාකච්ජා පැවැත්වුණද අවසන් තීන්දුවක් නොමැතිව සාකච්ජා නිමා වී ඇති බවද දැනගන්නට තිබේ.










