අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික දුරකතනයට එන ඇමැතුම් සීමා කිරීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අගමැතිවරයාගේ පෞද්ගලික දුරකතනයේ ගබඩා කොට තිබූ වෙනත් දුරකතන අංක 1700ක් පමණ ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
එමෙන්ම ඇතැම් ඇමතුම් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට කටයුතු කොට ඇති බවද වාර්තා වේ.
කොරෝනා වයිරසය හේතුකොටගෙන දුරකතන ඇමතුම් සීමා කිරීම ඇතුලු සෞඛ්‍යමය හේතු රැසක් මුල්කරගෙන මෙසේ අගමැතිවරයාට එන ඇමතුම් සීමා කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.










