අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා සිය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට විශේෂ කාර්යයක් පවරා තිබේ.
ඒ, පසුගිය ආණ්ඩුව මුළුමනින්ම අතහැරදමා වල්බිහිවෙමින් තිබු පෑලියගොඩ සී සිටි C City වෙළද සංකීර්ණයේ වැඩ කටයුතු වහාම ඉක්මන් කර එය ජනතා අයිතියට පත් කරන ලෙසටය.
මෙහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය.
ඒ අනුව පසුගිය දිනෙක එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද යෝෂිත රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ.
එමෙන්ම වෙළඳ සැල් සංඛ්‍යාව 600 සිට 800 දක්වා ඉහළ දැමීමටද යෝෂිත රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙම කාර්ය සදහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද එක්ව සිටියේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, එහි උප සභාපති භාග්‍ය ජයතිලක ඇතුළු නිලධාරි මහත්ම මහත්මීහුද ඊට එක්ව සිටියහ.













