• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කොරෝනා පැණිය ගැන ප්‍රසිද්ධියේ කතා කරයි

December 9, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුව කොරෝනා පැණිය ගැන ප්‍රසිද්ධියේ කතා කරයි
Share on WhatsAppShare on Facebook

‘අපි පිරිත් පැන් ටිකක් ගඟට එකතු කළොත් බනින්නේ පවිත්‍රා ඇමතිවරියට.  වතුර බෝතලයට හරි බනිනවා. ඒ බනින්නෙ ඇමතිවරියට  නෙවෙයි. රටේ සභ්‍යත්වයට. දේශීය සංස්කෘතියට. හරීන් ප්‍රනාන්දු  කාදිනල්තුමාට බහිනවා. ඒ බනින්නෙ කාදිනල්තුමාට නෙවෙයි මුලු කිතුනු දහමටම. දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඖෂධයක් ලෙස සොයා ගත්තා කියන  පැණිය ගැනමයි. ජනතාවට අපේ දේශීයත්වයට අනුව අලුත් දේ සොයා ගන්න බැරිද.  ශ්‍රී ලාංකිකයෙකුට ජර්මනියට ගිහිල්ලා වාහනයක සෙන්සර් එක හදන්න පුලුවන්නම්  ඇයි අපේ අයට අලුත් දෙවල් සොයාගන්න බැරි…’ යැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රශ්න කර සිටියේය.

අද (09) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කරන පළමු අයවැය හෙට සම්මත වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙලා අවුරුද්දක් වුණත් මොනවද උනේ කියලා සමහරු ප්‍රශ්න කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා එතුමාගේ ආණ්ඩුවක , එතුමා හදපු පාර්ලිමේන්තුවක , එතුමාට අවශ්‍ය කරන වැඩපිළිවෙල සංවර්ධනය  පටන් ගන්නෙ දහවෙනිදා සම්මතවෙන  අයවැයෙන් පසුව බව අපි සිහිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහරු හිතනවා දිනපතා ප්‍රසිද්ධ ප්‍රවෘත්තියක් මගින් රට ගෙනියන්න. එහෙම රට ගෙනියන අවශ්‍යතාවයක් අපට නැහැ . පන්දම් අල්ලන මාධ්‍ය මර්දනය ගැන කතා කරන උදවියට අපි කියනවා වත්මන් රජය අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීම සඳහා පසුබිම සකස් කර තිබෙන බව. අතිගරු ජනාධිපතිතුමා පසුගිය දිනෙක මහාධිකරණ විනිසුරුවරු පත් කරන අවස්ථාවේදී ප්‍රකාශ කලා ස්වාධීන, බලපෑම්වලින් තොර වුණු අධිකරණ පද්ධතියක් සැකසීම අරමුණ බව. පහුගිය කාලේ එළියට ආපු හඬපට සමඟ  බලන විට පහුගිය කාලයේ දුන් නඩු තීන්දු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා.

වාරිමාර්ග ක්ශේත්‍රයට බිලියන 15 ක ට වැඩි මුදලක් වෙන් වෙලා තිබෙනවා. වාරි පද්ධතිය සංවර්ධනයේ දී එහි ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවට. ඉදිරි වසර දෙක ඇතුළත වැව් පන්දහසක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වැවක් හදනවා කියන්නේ පහුගිය කාලේ කුරුණෑගල කළා වගේ වැව්  භාවිතා කල නොහැකි තත්වයට පත් කරන එක නෙමෙයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව සමඟ අපි සාකච්ඡා කරලා තියෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳීමේ බලාපොරොත්තුවෙන් සිටින උපාධිධාරීන් පිරිසක් අපේ අමාත්‍යාංශයට අනුයුක්ත කර ගෙන වාරිමාර්ගයේ සහ මහවැලියේ ඉඩම් මැන අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඝෝටාභය රාජපක්ෂ ජනාධිපති වෙලා මොනවද කලේ කියලා අහන අය ඉදිරි මාස හය තුළ සිදුවෙන වෙනස දෙස බලන්න කියලා අපි කියනවා. අද රටේ ණය බර සියයට 70කට වැඩියි. ඒ සියලු කාරණා මැද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන අය වැය ප්‍රතිඵල පෙන්වන අය වැයක්.

අපි පිරිත් පැන් ටිකක් ගඟට එකතු කළොත් බනින්නේ පවිත්‍රා ඇමතිවරිය ට.  වතුර බෝතලයට හරි බනිනවා. ඒ බනින්නෙ ඇමතිවරියට  නෙවෙයි. රටේ සභ්‍යත්වයට. දේශීය සංස්කෘතියට. හරීන් ප්‍රනාන්දු  කාදිනල් තුමා ට බහිනවා. ඒ බනින්නෙ කාදිනල්තුමාට නෙවෙයි මුලු කිතුනු දහමටම. දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඖෂධයක් ලෙස සොයා ගත්තා කියන  පැණිය ගැනමයි. ජනතාවට අපේ දේශීයත්වයට අනුව අලුත් දේ සොයා ගන්න බැරිද.  ශ්‍රී ලාංකිකයෙකුට ජර්මනියට ගිහිල්ලා වාහනයක සෙන්සර් එක හදන්න පුලුවන්නම්  ඇයි අපේ අයට අලුත් දෙවල් සොයාගන්න බැරි.  කවදාවත් ගන්න බැහැ කියපු පාර්ලිමේන්තුවේ ආසන එකසිය පනහක් අපට ලැබුණේ , එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා සමගි ජනබලවේගය කියලා එකක් හැදිලා , ඒකෙ භාර කාරයත් අපි ළඟට ආවේ  අපේ රටට සංස්කෘතියට කරපු අපහාස වල ප්‍රතිඵලයක් විදිහටයි. ඝෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල පෙන්වන අයවැය හෙට පාර්ලිමේන්තුවේ දී සම්මත වෙනවා. පුලුවන්නම් හෙට දිනයේදී අයවැය පරාජය කරනවා වෙනුවට තමන් එක්ක පාර්ලිමේන්තුවට පත්වුණ මන්ත්‍රීවරුන්ගේ  ඡන්දයවත් අයවැයට විරුද්ධව ප්‍රකාශ කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා.

අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා

අපේ රටේ සංවර්ධනයට ඉඩම් ප්‍රධාන සාධකයක් වෙනවා. කාර්මික කටයුතු වලට, වාණිජ කටයුතු වලට, පදිංචියට ඉඩම් ලබා දීමේදී ඉඩම් ආඥා පනත  අනුව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වුනත් 2001 වසරේ සහ පසුගිය කාලයේ ඉඩම් ආඥා පනත අනුව කටයුතු කළ බවක් පෙනී යන්නේ නැහැ. 2001 පැවති එක්සත් ජාතික පක්ෂ රජයත්, 2015 -2020 දක්වා පැවැති යහපාලන ආන්ඩුව කාලයේත් විශාල වශයෙන් ඉඩම් මංකොල්ල සිදුවෙලා තියෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වැඩි වශයෙන් අවභාවිතාවට ලක් වෙලා. නුවර, කොළඹ, කළුතර,ගාල්ල, මාතර ප්‍රදේශවල වාණිජ වශයෙන් වටිනා ඉඩම් මේ අතර තිබෙනවා. සමහර මැති ඇමතිවරු  තමන්ගේ දූ දරුවන්ට මුඩු ඉඩම්  වෙනුවට රබර් වගාවන් සහිත සශ්‍රික ඉඩම්  මාරු කර තිබෙනවා.  ඉඩම් ආඥා පනත, කොමිෂන් සභා පනත අමුඅමුවේ උල්ලංඝණය කරමින් මේ ඉඩම් මංකොල්ල කෑම කර තිබෙනවා. ඒ නිසා මම විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ  කොමිසමක් පත් කරා. විශේෂයෙන් උතුරු නැගෙනහිර  සංචාරක ව්‍යාපාරයට යොදා ගත හැකි ඉඩම් මේ මංකොල්ල කෑමට ලක් වෙලා තිබෙනවා. වැරදි කළ අයට නීත්‍යානුකූලව දඬුවම් පමුණුවන්න අපි බලාපොරොත්තු වෙනවා.   නිලධාරීන් පවා මේ කටයුතුවලට සම්බන්ධ වෙලා තිබෙනවා. අවභාවිතයට ලක් වෙලා තිබෙන ඉඩම් නැවත රජය සතු කරලා වගා කිරීම සඳහා කෘෂිකර්මයේ යෙදෙන ගොවීන්ටත්,  ආයෝජකයන්ටත්, පදිංචියට ඉඩම් කැබැල්ලක් නැති අහිංසක ජනතාව වෙනුවෙන් ඉඩම් ලබා දීමටත් යොමු කරනවා.

සින්නක්කර ඔප්පු, ස්වර්ණභූමි ඔප්පු, රන් භූමි ඔප්පු, දීමනාපත්‍ර හා වාර්ෂික දීමනාපත්‍ර තියෙනවා.මේ විදියට තමයි ඉඩම් බලපත්‍ර ලියා දෙන්නෙ.  ස්වර්නභූමි ඔප්පුවක් කියන්නේ සින්නක්කර ඔප්පුවකට සමාන අයිතිවාසිකම් සහිත ඔප්පුවක්. ඒ ඔප්පු ලබා දෙන්නේ ජනාධිපතිවරයා ගේ අත්සන යටතේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරන්න පියවර ගෙන තිබෙනවා.  කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අමතක කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තවමත් බැහැ. අලුත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ තමයි මින් ඉදිරියට ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, කෘෂිකර්මය ,වැවිලි කර්මාන්තය, වාරි කර්මාන්තය,  ආදී සියල්ලම පවත්වාගෙන යන්න සිදුවෙලා තියෙන්නෙ.  අලුත් සාමාන්‍ය කියන තත්ත්වයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා හොදින් රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවන බව අපට පේනවා. අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු  විද්‍යාත්මක ආකාරයකට පත් කරලා ඔවුන්ට බලය පැවරුවා. එය සමග පසුගිය රජයේ අමාත්‍යවරුන් සංසන්දනය කරලා බලමු. මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමතිකම එක උදාහරණයක්. ලෝක ඉතිහාසයේ පළමු වතාවට  මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා  අගමැතිතුමාගේ විෂය පථයට මහ බැංකුව දාගත්තා. වාණිජ බැංකු ටික මුදල් අමාත්‍යංශයෙන් අයින් කරලා වෙනත් අමාත්‍යාංශයකට දුන්නා. විදේශ කටයුතු අමාත්‍යාංශයට ටෙලිකොම් එකත් ගැසට් කලා. මංගල සමරවීර විදේශ ඇමති කාලේ ටෙලිකොම් එක විදෙස් අමාත්‍යාංශ යටතේ තිබුණේ. ජාතක ලොතරැයි මණ්ඩලය විදුලිබල මණ්ඩලයට ගැසට් කලා. පසුගිය රජයේ විද්‍යාත්මක ක්‍රමය එකයි.කිරිඇල්ල ඇමතිතුමා මහා මාර්ග ඇමතිකමින් යනකොට මහා මාර්ගය එකතු කළා ඛනිජතෙල් ඇමතිකමත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අමාත්‍යාංශ බෙදීමේදී පවා විද්‍යාත්මක ක්‍රමවේදයකට අමාත්‍යාංශ බෙදලා තියෙනවා. ඉස්සර ඇමතිතුමාට කිව්වට රාජ්‍ය ඇමති තුමාට වැඩ පවරන්නේ නැහැ. අද ගැසට් එකෙන්ම වැඩ පවරලා තියෙනවා. ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සියලු දෙනාම මේ වන විට ඉතාම හොඳින් වැඩ කරගෙන යනවා.

නීතිය ඕන ඕන විදිහට වෙනස් වෙන්නෙත් නැහැ. ඉස්සර එකාබද්ධ  විපක්ෂයෙන් ටොප් 10 කියලා  ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු දහ දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළා. අපි ගිය ආණ්ඩුව වගේ නීතිය නවන ආණ්ඩුවක් වුනානම් මුලින්ම කරන්න තිබුනේ  අරලියගහ මන්දිරයේ කමිටුවක් දාගෙන ටොප් 10 හිටපු   ඇමතිවරු ටික හිරේ දාන එකයි. ගිය ආණ්ඩුව කාලෙ වුණේ එහෙම නේ .රාජිත, රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික, එකේ හිටියෙ නෑ කියන අනුර කුමාර දිසානායක, තමයි අද ගෝඨාභය, හෙට බැසිල්, ඊලඟ දවසෙ ජොන්ස්ටන් කියලා අත්අඩංගුවට ගන්න අය තීරණය කරන්නේ. අපිත් ඒ වගේ නීතිය නවන ආණ්ඩුවක් වුනානම් අධිකරණය පොලීසිය දිහා බලාගෙන ඉන්නේ නැතිව ඒ අයට දඬුවම් කරනවා. අද නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ස්වාධීනව කටයුතු කරන්න බලය තියෙනවා. අපේ මන්ත්‍රීවරු  කිසි කෙනෙකුට දුරකථනයෙන් බලපෑම් කරන්නේ නැහැ. රන්ජන් රාමනායකගෙ වගේ හඬපටි අපේ මන්ත්‍රීවරුන්ගෙන් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙම කරොත් අපේ ඇමතිවරුන්ට ගෙදර යන්න වෙනව. ඒ  ආන්ඩුවෙයි මේ ආණ්ඩුවෙ වෙනස ඒකයි. ඉස්සර ඇමතිවරුන්ට රිසි පරිදි අමාත්‍යාංශවල කටයුතු කරන්න බලය තිබුණා. දැන් වෙනම කොමිටියකින් තමයි ආයතන වල සභාපතිවරුන් පත් කරන්නේ. කොරොනා  සමයේ පවා පාඩු ලබපු බොහෝ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා. අයවැය සම්මත වුණාට පස්සේ 2021 වසරේදී අපේ රට අලුත් සාමාන්‍ය තත්ත්වයත් සමග ඉදිරියට යනවා.

කොරෝනා සම්බන්ධයෙන් විවිධ එන්නත් සොයා ගනිමින් තිබෙනවා. ඒ ආකාරයට අපේ රටේ පර්යේෂණ සිදු වෙනවා. අපේ රටේ බටහිර වෛද්‍යවරු පවා බටහිර බෙහෙත් දෙන අතරේ වෙනිවැල්ගැට කොත්තමල්ලි බිව්වට කමක් නැහැ කියනවා. බටහිර වෛද්‍යවරු පවා තමන්ගේ කුඩා අවධියේදී අපේ පාරම්පරික ආයුර්වේද ක්‍රම පිළිපැදලා තියෙනවා. අපිට අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාවෙන් කරන සොයාගැනීම් එකවර බැහැර කරන්න බැහැ. එකපාරට හොඳයි කියන්නත් බැහැ. ඒ නිසා විශේෂඥ කමිටුවක් මගින් ඒ ඖෂධය සම්බන්ධයෙන් සොයා බලනවා. එක කට්ටියක් ආණ්ඩුව පැනිය ප්‍රවර්ධනය කරනවා කියනවා. තව කට්ටියක් කියනවා ආණ්ඩුව සහය දෙන්නේ නැහැ කියලා. ඒ පිළිබඳව පරීක්ෂණ කරලා නිවැරදි තීන්දුවක් දෙන තුරු කලබල වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න නැගීමේ හැකියාව තිබෙනවා. දැන් සජිත් ප්‍රේමදාස පුරුද්දක් වශයෙන් ලියල දීපු දෙයක් කියෝනවා.    ඒ නිසා අයවැය විවාදයෙන්   විශාල කාලයක් ඒකට වැයවෙනවා. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ඇවිත් වෙනම පක්ෂයක් හදලා මම ලෝකෙට ලොක්කා කියන්න උත්සාහ කලාට පෙරිය දොරේටත් වඩා සින්නදොරේ ෆේල් වෙලා. ඉතා ඉක්මනින් සමගි ජන බලවේගය නායයෑමට ලක් වෙනවා.ජනාධිපති ලේකම් කාර්යාලය ලඟට පන්දම් අල්ලන්නත් ගියා. බොහෝ රටවල ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ එකතු වෙලා කොරෝනා වසංගතය ට මුහුණ දෙන්න ජාතික ආණ්ඩු හදන්න උත්සාහ කරනවා. අපේ විපක්ෂය උත්සාහ කරන්නේ කොරෝනා උත්සන්න වෙනවා දකින්න. රෝගීන් ප්‍රමාණය වැඩි නම් සතුටුයි. කවදාවත් සුවපත් වුණ ප්‍රමාණය ගැන කතා කරන්නේ නැහැ. මේ වන විට 20,000 කට වැඩි රෝගීන් ප්‍රමාණයක් සෞඛ්‍ය අංශවල කැපවීම නිසා සුවපත් වෙලා තියෙනවා. වසංගතයට ගොදුරු වෙන අය සුවපත් කරන අතර, ආශ්‍රිතයන් නිරෝධායනය කරමින් විරුද්ධ පක්ෂයේ කඩාකප්පල් ක්‍රියාවන් මැද රට පාලනය කරගෙන යමින් තිබෙනවා. 2021 වසර අලුත් සාමාන්‍යක් සමඟ රට ඉදිරියට යනවා.

සර්ජිකල් මාස්ක් අවශ්‍යතාවයක් ලොව පුරා තිබෙනවා. අපිට ඒ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගනවා. පිටරටින් ගෙන එනවා වෙනුවට දේශීය නිෂ්පාදන බිහි කිරීම අලුත් සාමාන්‍ය තත්ත්වයට ලොකු ශක්තියක්.

SendShareShare
Previous Post

හෝමියෝපති ක්‍රමයෙනුත් කොරෝනාවට බෙහෙතක් හොයා ගනී

Next Post

එවරස්ට් මීටරයකින් ඉස්සෙයි: භයානක භූ කම්පාවක පෙරනිමිත්තක්!!!

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.