කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද අළුයම් කාලයේදී ඇතුළත් කරනු ලැබූ මෝදර ප්‍රදේශයේ පදිංචි දින 20ක් පමණ වයසැති බිලිඳෙකු අද සවස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටී.
අද අළුයම 4.00 ට පමණ මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත්, සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
මෙම බිලිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බවද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී ඇත.
මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.










