හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයකම ජනතාව අද (06) දින උද්ඝෝෂණවල නිරත වෙමින් තමන් හුදකලා බවින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.
වනාතමුල්ල මෙත්සද මහල් නිවාස සංකීර්ණයේ ජනතාව මෙසේ උද්ඝෝෂණයක නිරත වූ අතර පොලිසියද එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව තත්ත්වය උණුසුම් වූ ආකාරයක් දැකගන්නට තිබිණ.
ඒ අනුව අවසානයේදී පොලිසිය දැනුම් දී සිටියේ හෙට (07) දිනයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවකි.










