යාපනය දිස්ත්‍රීක්කයට දින පහකට ආසන්න නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසකට දැඩි ගංවතුර තත්වයක් ඇතිව තබෙන බවට දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
බුරවී සුලිකුණාටුව හා පසුව ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මේ වන විට පවුල් 17,243 කට අයත් පුද්ගලයින් 57,513 ක් පීඩාවට පත්ව ඇත.
යාපනයේ නල්ලූර් කෝවිල, ඩෙල්ෆ්, කයිට්ස්, වේලනෙයි, උඩුවිල්, පේදුරුතුඩුව, තෙලිප්පලෙයි, කරවෙඩ්ඩි, කෝපායි ඇතුලු ප්‍රදේශ රැසකට මෙලෙස වර්ෂාව හා ගංවතුර තත්වයන් හේතුවෙන් ජනතාව දැඩි ලෙසින් පීඩාවන්ට පත්ව ඇත.
මේ අතර වර්ෂාව හේතුවෙන් යාපනය රෝහලද අඩි එකහමාරක් පමණ ජලයෙන් යට වී තිබේ.
















