මහනුවර උඩවත්ත කැලේ වාසය කළ වඳුරන් රැසක් හදිසියේම මිය යාමත් සමග මහනුවර නගරයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය වාර්තා වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් විසින් එම මියගිය වඳුරන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත් මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම වඳුරන් කොරෝනා රෝගය හේතුකොටගෙන මියගොස් නොමැති බවත්, විසවීමක් මුල්කරගෙන මෙම වඳුරන් මියගොස් ඇති බවත්ය.










