“බුරවී” සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුළට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුණත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුළට ඇතුල් විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය “බ්‍රමණ චලිතයක්” ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.










