මහර බන්ධනාගාරයට කොරෝනා රෝගය බෝ වූයේ ඉකුත් නොවැම්බර් 20 වන දින වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 120ක් රැගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පාර්ලිමේන්තුවෙදී අනාවරණය කළේය.
ඒ හරහා 183ක බන්ධනාගාර පොකුරක් බිහිවූ බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
රජයේ නීතිරීති රෙගුලාසි බිද දමමින් මේ ආකාරයට රැදවියන් මාරු කිරීම මුල් කරගෙන මහා ඛේදවාචකයකට පාර කැපුණු බවත්, ඒ සදහා තීන්දු ගත් පුද්ගලයන් ඊට වගකිවයුතු බවත් ඒ මහතා කීය.










