• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට යන්න එපා: කොරෝනා දරුණුයි -අමෙරිකාව කියයි

December 2, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවට යන්න එපා: කොරෝනා දරුණුයි -අමෙරිකාව කියයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19 ඉතා ඉහළ මට්ටමේ’ ඇති රටවල් අතරින් එකක් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත.

කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.

එම දැනුම්දීමට අනුව, ඔවුන් තෝරාගත් රටවල් වල කොවිඩ්-19,
4 වන මට්ටම – ඉතා ඉහළ ලෙසත්
3 වන මට්ටම – ඉහළ ලෙසත්
2 වන මට්ටම – මධ්‍යස්ථ ලෙසත්
1 වන මට්ටම – අඩු හා වාර්තා නොවූ ලෙසත් වර්ගීකරණය කර ඇත.

CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලා යන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.

“සංචාරකයින් ශ්‍රී ලංකාව බලා යන සියලු ගමන් අත්හිටුවිය යුතුයි. ඔබගේ සංචාරය අත්‍යාවශ්‍ය එකක් නම් පමණක්, විශේෂයෙන් ඔබට කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, සංචාරය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර හා නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර, දින 1 – 3 අතර කාලයේදී වෛරස පරීක්‍ෂාවක් සිදුකර ගන්න, සංචාරයේ දී ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල වල පිටපතක් ඔබ සමඟ තබාගන්න. ඔබේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක නම් නැවත එක්සත් ජනපදය බලා පැමිණීමෙන් වළකින්න; වහාම ඔබ හුදෙකලා වී මහජන සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරන්න.” යනුවෙන් CDC ආයතනය නිකුත් කළ නවතම නිවේදන වල දැක්වේ.

CDC ආයතනය විසින් ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ්-19 ‘4 වන මට්ටම: හෙවත් `ඉතා ඉහළ’ කාණ්ඩයට ඇතුළත් කර ඇත.

බාබඩෝස්, මොරිෂස්, සීෂෙල්ස් සහ දකුණු කොරියාව වැනි රටවල් ‘දෙවන මට්ටම : මධ්‍යස්ථ’ කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

ඕස්ට්‍රේලියාව, කාම්බෝජය, චීනය, ෆීජි, හොංකොං, ලාඕසය, මොන්ගෝලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය සහ තවත් රටවල් කිහිපයක් ‘මට්ටම 1: අඩු’ අවදානම් රටවල් ලෙසද එම ආයතනය වර්ගීකරණය කර ඇත.

4 වන මට්ටම: ඉතා ඉහළයි (Very High)

  • සංචාරකයින් මෙම රටවල් වෙත සංචාරය කිරීමෙන් වැළකිය යුතුය.

ඇෆ්ගනිස්ථානය, ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ඩෝරා, ඇන්ගෝලා, ඇන්ටිගුවා සහ බාබුඩා, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, අරුබා, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බහමාස්, බහරේන්, බංග්ලාදේශය, බෙලාරුස්, බෙල්ජියම, බෙලීස්, භූතානය, බොලිවියාව, බොනෙයා, බොස්නියාව, හර්සෙගොවිනා , බල්ගේරියාව, බුර්කිනා ෆාසෝ, බුරුමය (මියන්මාරය), බුරුන්ඩි, කැමරූන්, කැනඩාව, කේප් වර්ඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, චිලී, කොලොම්බියාව, කොමරෝස්, කොංගෝ ජනරජය, කොස්ටාරිකාව, ක්‍රොඒෂියාව, කියුබාව, කුරකාඕ, සයිප්‍රසය, චෙක් ජනරජය , කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ජිබුටි, ඩොමිනිකන් ජනරජය, පාස්කු දූපත, ඉක්වදෝරය, ඊජිප්තුව, එල් සැල්වදෝරය, සමක ගිනියාව, එරිත්‍රියාව, එස්තෝනියාව, එස්වාටිනි (ස්වාසිලන්තය), ඉතියෝපියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ප්‍රංශ ගයනා, ප්‍රංශ පොලිනීසියාව, ගැබොන්, ගැම්බියාව, ජෝර්ජියාව, ජර්මනිය, ඝානාව, ගිබ්‍රෝල්ටාර්, ග්‍රීසිය, ග්වාඩෙලූප්, ගුවාම් (එක්සත් ජනපදය), ග්වාතමාලාව, ගිනියාව, ගිනියා-බිසව්, ගයනා, හයිටි, හොන්ඩුරාස්, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඉරාකය, අයර්ලන්තය, ඊශ්‍රායලය බටහිර ඉවුර සහ ගාසා, ඉතාලිය, ජැමෙයිකාව, ජපානය, ජර්සි (එක්සත් රාජධානියේ කොටසක්), ජෝර්දානය, කසකස්තානය, කෙන්යාව, කොසෝවෝ, කුවේට්, කිර්ගිස්තානය, ලැට්වියාව, ලෙබනනය, ලෙසෝතෝ, ලයිබීරියාව, ලිබියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැඩගස්කරය, මැඩෙයිරා දූපත්, මලාවි, මැලේසියාව, මාලදිවයින, මාලි, මාටියා (මාටියා) ප්‍රංශය, මෙක්සිකෝව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, මොරොක්කෝව, මොසැම්බික්, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නිකරගුවාව, නයිජර්, නයිජීරියාව, උතුරු කොරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, ඕමානය, පාකිස්තානය, පැනමාව, පැරගුවේ, පේරු, පිලිපීනය, පිට්කේන් දූපත් . ස්ලොවේනියාව, සොලමන් දූපත්, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, දකුණු සුඩානය, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුඩානය, සුරිනේම්, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, සිරියාව, ටජිකිස්තානය, ටැන්සානියාව, ටෝගෝ, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ටියුනීසියාව, තුර්කිය, ටර්ක්මෙනිස්තානය, ටර්ක්ස් සහ කයිකෝස් දූපත් (එක්සත් රාජධානි), උගන්ඩාව, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්ය, එක්සත් රාජධානිය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, වර්ජින් දූපත් (එක්සත් ජනපදය) , යේමනය, සැම්බියාව, සිම්බාබ්වේ

3 වන මට්ටම: ඉහළ (High)

  • සංචාරකයින් පහත සඳහන් රටවල් වෙත අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වැළකී සිටිය යුතුය.
    (මෙම කාණ්ඩයට මේ වනතෙක් කිසිදු රටක් ඇතුලත් කර නොමැත.)

2 වන මට්ටම: මධ්‍යස්ථ (Moderate)

  • කොවිඩ්-19 හේතුවෙන් දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් පහත සඳහන් රටවල් වෙත යන අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරිය යුතුය.

බාබඩෝස්, ඩොමිනිකා, ෆාරෝ දූපත්, ගුවර්න්සි, මොරිෂස්, ශාන්ත බර්තෙලමි, ශාන්ත ලුසියා, සීෂෙල්ස්, දකුණු කොරියාව, උරුගුවේ

පළමු මට්ටම: අඩු (Low)

  • සියලුම සංචාරකයින් මුව ආවරණ පැළඳිය යුතුය, ඔබේ නිවැසියන් නොවන පුද්ගලයින්ගෙන් අවම වශයෙන් අඩි 6 ක් වත් ඈතින් සිටිය යුතුය, නිතරම අත් සේදීම හෝ දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීම කළ යුතු අතර රෝග ලක්ෂණ පිළිබදව සැලකිලිමත්ව සිටිය යුතුය.

ඇමරිකානු සැමෝවා, ඇන්ගුයිලා, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව, බෙනින්, බර්මියුඩා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, බෲනායි, කාම්බෝජය, කේමන් දූපත්, චීනය, කුක් දූපත්, ෆෝක්ලන්ඩ් දූපත්, ෆීජි, ග්‍රීන්ලන්තය, ග්‍රෙනාඩා, හොංකොං, මෑන් දූපත, අයිවරි කෝස්ට්, කිරිබාටි, ලාඕසය, මැකාවු සහ මිකෙලොන්, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, සැමෝවා, සිංගප්පූරුව, සියරා ලියොන්, තායිවානය, තායිලන්තය, ටිමෝර්-ලෙස්ටේ (නැගෙනහිර ටිමෝරය), ටොකෙලාවු, ටොංගා, ටුවාලු, වනුවාටු, වියට්නාමය

මට්ටම හදුනා නොගත් (Level unknown)

  • මෙම රටවල් කොවිඩ්-19 දත්ත වාර්තා කර නොමැති අතර අවදානම නොදන්නා නිසා සංචාරකයින් පහත සඳහන් ගමනාන්ත වෙත අත්‍යවශ්‍ය නොවන ගමන් මගහැරීම සුදුසු වේ.

අසෝර්ස්, බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර කලාපය, කැනරි දූපත්, ක්‍රිස්මස් දූපත, කොකෝස් (කීලිං) දූපත්, නොර්ෆොක් දූපත, දකුණු ජෝර්ජියාව සහ දකුණු සැන්ඩ්විච් දූපත්, වේක් දූපත, බටහිර සහරාව

SendShareShare
Previous Post

ඔන්න ඇන්ටිජන් ටෙස්ට් පටන් ගන්නවා

Next Post

පවුලක්ම යටවී මැරුණු බූවැලිකඩ බිල්ඩිමේ හිමිකරු එළියට

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.