තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බවත්, ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 122ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.










