එල්.පී.එල්. 20-20 තරගාවලිය අරඹමින් ඊයේ රාත්‍රී කොලම්බෝ කින්ගස් සහ කැන්ඩි ටස්කර්ස් අතර පැවැති තරගය ලකුණු සමවීමෙන් සුපිරි පන්දු වාරයකින් තරගයේ ජයග්‍රාහකයන් තේරීම දක්වා ඇදී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 219ක් ලබා ගැනීමට සමත් විය.
කුසල් ජනිත් පෙරේරා වේගවත් ලකුණු 87ක්ද, ගුර්බාස් ලකුණු 53ක්ද ලබා ගත්හ.
අනතුරුව පන්දුවට පහර දුන් කලම්බෝ කින්ග්ස් පිලටද පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 219ක් පමණි.
එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් වාර්තා කළේය.
ඒ අනුව සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කින්ග්ස් පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා ගත්තේය.
නමුත් කැන්ඩි ටස්කර්ස් පිලට ලබා ගත හැකිවූයේ ලකුණු 12ක් පමණි.
දිනේෂ් චන්දිමාල් තරගයේ වීරයා බවට පත්විය.











