මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළ නංවමින් තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
රටේ විවිධ ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වීම විශේෂ සිදුවීමකි.
01. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඒවා ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 22 වන දා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රිය වීමය.
02. සියඹලාපේ දකුණ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 22 වනදා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් කොවිඩ් -19 ආසාදනය සමග උත්සන්න වීමය.
03. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මුලික රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී ඊයේ (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් -19 නිව්මෝනියාව වේ.
04. බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර රෝහලේ සිට IDH රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී ඊයේ (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගය වේ.










