ස්වාධින කොමිසම් සභා 6ක සාමාජිකයන් නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළද ඒ සියලු පත්වීම් කල් යන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
ඒ, හෙට (25) දින රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු සභාවේ රැස්වීම හදිසියේම අවලංගු කිරීම හේතුවෙනි.
හෙට පෙරවරු 10.30ට මෙම පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් රැස්වී අදාළ නම් සම්මත කිරීමට සැලසුම් කර තිබුණද අද සවස කරන ලද හදිසි දැනුම්දීමකින් සදහන් කොට ඇත්තේ එම රැස්වීම අවලංගු කළ බවකි.
එමෙන්ම පාර්ලිමේන්තු සභාව නියෝජනය කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි බවද දැනගන්නට තිබේ.










