• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ආර්ථිකය විනාශ කරපු අය අද අපිට අයවැය උපදෙස් දෙන්න එනවා

November 24, 2020
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
රටේ ආර්ථිකය විනාශ කරපු අය අද අපිට අයවැය උපදෙස් දෙන්න එනවා
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය විනාශ කරපු අය අද අපිට අයවැය උපදෙස් දෙන්න එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

අද (24) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ යාපා මහතා මෙසේද කීය.

රජය වර්තමාන තත්වය හොඳින් තේරුම් අරගෙනයි මෙවර අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වෙනකොට මෙරට කොවිඩ් උවදුරක් තිබුණේ නැහැ. අද ලෝකය පුරා මේ වසංගතය පැතිර ගිහින්. මේ වසංගතය නිසා අපිටත් පාර්ලිමේන්තු මැතිවරණය මාස හතරකින් කල්දාන්න සිද්ධ වුණා.

2020 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන්න බැරි වුණා. අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න ගිය අවස්ථාවේ විපක්ෂයට පාර්ලිමේන්තු බලය වැඩියි.එදා විරුද්ධ පක්ෂය අතුරු අයවැයට සහාය ද‍ෙන්න සූදනම් වුනේ නැහැ. දැන් අපිට 2020 සහ 2021 වෙනුවෙන් අය වැය වාර්තා දෙකක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. 

2020 අවුරුද්දේ අනපේක්ෂිත වියදම් රැසක් කරන්න සිදුවුණා. කොවිඩ් අර්බුදය නිසාත් දැවැන්ත වියදමක් දරන්න වුනා. මේ අතරේ පසුගිය රජයේ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 240 ක මුදලක් ණය ගෙවන්නත් සිදුවුණා. ඒ සඳහාත් අපි ප්‍රතිපාදන සලස්වලා තියෙනවා. පසුගිය රජය සමයේ ඖෂධ, පොහොර වැනි දේ ගෙන්වීම සහ සංවර්ධන ව්‍යාපෘති වැනි දේ සඳහා තමා මේ මුදල් ගෙව්වේ.

රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා අපිට යම් වැඩපිළිවෙළක් තිබෙනවා. අයවැයේ අපි ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් තමයි විපක්ෂය චෝදනා ඉදිරිපත් කරන්නේ.  අය වැය වාර්තාවක් ඉදිරිපත් කරන කොට පුනරාවර්තන වියදම්, කොපමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවද, ආර්ථිකය දියුණු කරන්න කොපමණ වියදම් කරනවද කියන දේවල් හිතන්න වෙනවා. අමාත්‍යාංශවල සංවර්ධන ව්‍යාපෘතිවලට පිළිවෙලට විස්තරාත්මකව මුදල් වෙන් කරපු අය වැයක් තමයි මෙවර තිබෙන්නේ. ලෝක ආර්ථිකය කොයි දිසාවට ගමන් කරයි ද කියලා දන්නේ නැති නිසා අපිට ඉදිරි වසර අභියෝගාත්මක වසරක් වෙනවා. නමුත් අපිට පුරෝකතනය කිරීමක් කරන්න වෙනවා. ඒක සාර්ථක වෙනවා ද නැද්ද කියන එක බලන්න වෙන්නේ ඉදිරියටයි. ඒ නිසා අයවැය විජ්ජාවක් කියන එක වැරදි තොරතුරක්. පසුගිය රජයක් විසින් නොගෙවු දැවැන්ත ණය මුදලක් ගෙවන්න සිදු වුණේත් අපේ රජයටයි. කොවිඩ් වසංගතය පැතිරීම වළක්වන්නත් රජය කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යමය තීන්දු ගන්න රජය කිසි අවස්ථාවක මැලි වෙලා නැහැ. අපි තමයි මූලින්ම නිරෝධායන ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නු රට. වෙනත් රටවල ගෙවල් වලයි නිරෝධායනය කළේ. අපි නිරෝධායන මධ්‍යස්ථාන හදලා, හුදකලා කිරීම කලා. මේ කොවිඩ් වසංගතය පැතිරීම වළක්වන්නත් රජය කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යමය තීන්දු ගන්න රජය කිසි අවස්ථාවක මැලි වෙලා නැහැ. අපි තමයි මූලින්ම නිරෝධායන ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නු රට. වෙනත් රටවල ගෙවල් වලයි නිරෝධායනය කළේ. අපි නිරෝධායන මධ්‍යස්ථාන හදලා, හුදකලා කිරීම කලා. මේ රෝගය බෝ වෙන්නේ කාටද නොවෙන්නේ කාටද කියන්න බැහැ. නමුත් අපි ඒ සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් කරලා තියෙනවා. දෙදෙනෙක් අතර පරතරය, මුඛ ආවරණ වැනි මාර්ගෝපදේශ අපි ඉදිරිපත් කරලා තියෙනවා. කොවිඩ් වසංගතය නිසා ලෝකෙම ආර්ථිකය පීඩනයට ලක් වෙලා. රටවල් අතර භාණ්ඩ හුවමාරු ක්‍රමවේදය විශාල වශයෙන් අපහසුතාවයකට ලක්වෙලා. මේ නිසා විවෘත ආර්ථිකය කඩාවැටිලා. ඒ නිසා රුපියල අව අවප්‍රමාණය වීම වලක්වා ගන්න, විදේශ සංචිත රඳවා ගන්න, උද්ධමනය අඩු කරගන්න, කර්මාන්ත සඳහා ඉල්ලුම් කරන ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය දෙන්න, රජයට සිද්ධ වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කරන්නත් රජය ආනයන සීමා පනවලා තියෙනවා. මෙතෙක් කල් විදේශයෙන් ගෙන්වූ බොහෝ කෘෂි බෝග අපි මෙරට වගා කරලා තියෙනවා. ගොවියන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න රජය පියවර ගෙන තියෙනවා.

2014දී  යහපාලන රජය පත්වෙන අවස්ථාවේ බහුතර බලය තිබුණේ අපිට. ඒ වුණත් යහපාලන රජයට අයවැය සම්මත කර දෙන්න අපි පියවර ගත්තා. නමුත් මේ විරුද්ධ පක්ෂය ඒකට සූදානම් වුණේ නැහැ. මුදල් ඇමති විදිහට අගමැතිතුමා රටේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරලා මෙවර අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අපි ණය ගෙවීම කිසිදිනක ප්‍රමාද කරලා නැහැ. එජාප රජය හම්බන්තොට වරාය වසර 99කට බදු දුන්නා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා. නමුත් ඒ මුදල් ණය පියවීම සඳහා යොදවලා නැහැ. මුදල් වියදම් කළේ මොනවටද කියලාවත් දන්නේ නැහැ. අලුතෙන් ණය ගන්නවාට වඩා ආයෝජන පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ.  ලෝකයම එක ලෙස අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. අපි ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාවට මුදල් සහ භාණ්ඩ ලබා දීලා තියෙනවා. අපි කිසි අවස්ථාවක වගකීමෙන් මිදිලා නැහැ. ලොක් ඩවුන් කරන්නේ ජනතාවගේ යහපතටමයි. ගැටළු සහගත තැන් පිළිබඳව රජය සාකච්ඡා කරමින් තිබෙනවා. ජනතාව බඩගින්නේ තියන්න හෝ කරදරයට පත් කරන්න රජය සූදානම් නැහැ. වසර සියයකට පසුවයි මෙවැනි වසංගතයක් එන්නේ.  මේ වසංගතය වේගයෙන් පැතිරෙන, රෝගය හොඳ වුණත් සංකූලතා ඇති වන, බෙහෙතක් හොයාගන්න බැරි එකක්. ලෝකය එන්නතක් සොයන්න උත්සාහ කරනවා. මේ දේවල් සියයට සියයක් නිරවුල් ද කියලා තවම දන්නෙ නැහැ. එකිනෙකා පරයමින් පිළිතුරක් හොයන්න උත්සාහ කරනවා. 

අපේ රටේ දේශීය කෘෂිකර්මාන්තය නංවන්න අපි පියවර ගන්නවා. ඒ සඳහා සුදුසු කාලගුණයකුත් රටේ තිබෙනවා. තාක්ෂණය දියුණු නිසා නිවසේ සිට වැඩකිරීම ඇරඹුවා. මේ අය අයවැයෙන් බදු ක්‍රම වල වෙනසක් වෙලා තියෙනවා. ගැලපෙන බදු ක්‍රමයක් ගැන සාකච්ඡා කරලා තියෙනවා. අභියෝගවලට මුහුණ දෙමින් උද්ගතව ඇති ප්‍රශ්න  විසඳා ගැනීමට සිදුවෙලා තියෙනවා. විරුද්ධ පක්ෂය උත්සහ කරන්නේ ජනතාව වෙනස් කරන්න. රටේ ආර්ථිකය අවුරුද්දෙන් අවුරුද්ද බිඳ දාපු කට්ටිය තමයි අද අයවැය ගැන විපක්ෂයේ ඉදන් උපදෙස් දෙන්නේ.ඒ අයගේ කාලයේ රටේ සෑම අංශයක්ම කඩා වැටිලා තිබුණේ. පණ්ඩිතයන්ට ඒදණ්ඩේ යන්න බැහැ කියන එක ඒ කාලේ අපි දැක්කා. ආර්ථික විශේෂඥයෝ කියන අය තමයි ඒ කාලේ ආර්ථිකය භාරව හිටියේ. ඒ උනාට කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත පරිහානියට පත් වුණා.  ජනතා ආර්ථිකය ශක්තිමත් කරමින්, රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රැකියා ලබාදීම ඇතුළු අභියෝග රැසක් අප ඉදිරියේ තිබෙනවා.රජයක් විදියට අපි ශක්තිමත්ව ඒ අභියෝග ජයගන්න සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා

දේශීය නිෂ්පාදන ආර්ථිකයක් මෙරට ගොඩනැගීම අපිට හීනයක් වෙලයි තිබුනේ. එවැනි ආර්ථිකයක් හදා ගැනීමට නොහැකි වුනේ 1978 දි මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමයි. ඒ නිසා කිසිදු වග විභාගයකින් තොරව මෙරටට භාණ්ඩ ගෙනාවා. අපේ රට ඉන්දියානු කොදෙව්වක් බවට පත්වෙලා තිබුණා. හීරෝ හොන්ඩා බයික් එක, ටාටා වාහන, ඇමරෝන් බැටරිය, බොම්බයි ලූනූ, මයිසූර් පරිප්පු වැනි දේ පවා ඉන්දියවෙන් මෙරටට ගෙනාවේ. වගවිභාගයකින් තොරව මේ විදියට විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීම ගැන අපි පහුගිය කාලයේ වාද කළා. දේශීය නිෂ්පාදනයක් හදා ගන්න පුලුවන් ශක්තිමත් නායකත්වයක් අපිට තිබුනේ නැහැ. අපි කැලනි ටයර් ගැන කතා කළාට , කන්තලේ සිනී ,ඔරුවල වානේ ගැන කතා කළාට ජාත්‍යන්තරය වග විභාගයකින් තොරව මෙරට වෙළදපොල ඇල්ලුවා.

කිසිදු රාජ්‍ය නායකයෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ජාත්‍යන්තරයෙන් එන භාණ්ඩ පාලනය කරන්න.මේ අවස්ථාවේ අපිට ස්වභාවිකව බැම්මක් ඇවිත් තියෙනවා. ඒ සමඟම දේශීයත්වය අගයන නායකත්වයක් පහල වෙලා තියෙනවා. මේ වසංගතය කලු වළාකුලක් නමුත් මෙහි රිදී රේඛාව දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම. ඒක හදුනා ගත්ත නායකයා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

එතුමා ත්‍රිපෝෂ දේශීයව නිෂ්පාදනය කිරීමේ අඩිතාලම දාලා, බදු නිදහස ලබා දුන්නා. කිරි නිෂ්පාදනය කරන ගොවියාට කුඩා ගොවිපලක් හදා ගන්න ලක්ෂ 5 ණයක් ලබා දෙනවා. වතු කරයේ ජනතාවට ඔවුන්ගේ නායකයෝ විවිධ පොරොන්දු දීලා තිබුණා. වතු කියන්නේ ඇත්තටම සංවේදී මාතෘකාවක්. රුපියල් 1000 වැටුප් වැඩිකිරීම වගේම මහා පරිමාන තේ වතු නැවත සමාලෝචනය කිරීමක් ඉදිරියේදී සිදුවෙනවා. ඒ වගේම වාහන එකලස් කිරීමටත් රජයේ අවධානය යොමුවෙලා තියෙන්නේ. විශාල විදේශ විනිමයක් මෙරටින් ඇදී යන්නේ වාහන ආයනයන කිරීමටයි. දේශීයත්වය අගයනවා කියන එකට පුරන් කුඹුරු අස්වැද්දීමේ සිට සියලුම දේ  අයත් වෙනවා. කෘෂිකරමාන්තයෙන් ජාතික නිෂ්පාදනයට දායකත්වයක් ලැබෙන්නේ සියයට 7යි. සේවා අංශයේ දායකත්වය සියයට 57යි. සේවා අංශයට ගැට ගහලා තියෙන ආර්ථිකය කොවිඩ් නිසා බිද වැටෙනවා. හෝටල් කර්මාන්තය වැටිලා.සාමාන්‍ය කුලී වැඩ, ගමනාගමනය මේ කාලයේ කාබනික පොහොර භාවිතයෙන් හිතකර කෘෂිකර්මාන්තයක යෙදිම ගැනයි අපි කතා කලේ.  ඒ සඳහා මෙවර අය වැයෙන් පියවර ගෙන තිබෙනවා.මෙවර අමාත්‍ය මණ්ඩලය තෝරලා තියෙන්නෙ දේශීයත්වය අගයමින්. මැටි, කොසු,ඉදල් වැනි දේශීය කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළා.ඒ නිසා අපේ රට   තුළ දේශීය නිෂ්පාදන හැකි තරම් නිෂ්පාදනය කර  සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම  මගින් කළු වලාකුළේ රිදී රේඛාව මතුකර ගැනීම  මේ අවස්ථාවේදී කළ යුතුව තිබෙනවා. සියවසකට ඉහත මෙවැනිම තත්ත්වයක් උදා උනා. හිරෝෂිමාවට බෝම්බ දැම්මට පස්සේ ජපානය නැගී සිටියා.කොටි සංවිධානය පරාජය කරන්න බෑ කියලා හිතුවත් ඒක මර්දනය කරන්න පුළුවන් වුණා. එදා කොටි සංවිධානයට උඩගෙඩි දුන්න මිනිස්සු අද පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය ඇතුළු ආණ්ඩුව එකට එක පෙළට සිටගෙන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් දුක කඳුලේ දී ඒ මිනිස්සු සමග සිටිමින් හැකි පමණින් ඒ අයගේ අවශ්‍යතා ඉටු කරන අතරේ රටේ ආර්ථිකය දියුණු කරන්න දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා . රාජ්‍ය නායකයෙකුට මෙවැනි ආත්මවිශ්වාසයක් තිබීම ගැන අපිට මවිතයි. ෆේල්  කතාවක් ඉදිරියට අරගෙන ජනතාවගේ ආත්ම විශ්වාසයටයි පහර දෙන්නේ.  රජය  ෆේල්  කියන්න උත්සහ කරන්නේ හෙට මේ රට විනාශ වේවා කියන හැගීමෙන්ද. එහෙම වුනොත් අපි සියලු දෙනා එක වලකට නේද යන්නේ. මේ වගේ වසංගතයකදි, ව්‍යසනයකදී රටක් ජාතියක් විදිහට විපක්ෂයක භූමිකාව ඔය විදිහෙ දෙයක් නෙමෙයි.

 ත්‍රිවිධ හමුදාවත් රාජ්‍ය යාන්ත්‍රනයක් සෞඛ්‍ය අංශ සියලු දෙනා එකතු කරගෙන කොවිඩ් පාලනය කරන මේ අසීරු අවස්ථාවෙ අයවැයක් ගෙනත් දේශීය ආර්ථිකයක් ගොඩ නගන්නට ජනාධිපතිතුමා උත්සහ කරනවා. විපක්ෂයට කියන්න තියෙන්නේ සංඛ්‍යාලේඛන විජ්ජාවක්  හා ණයබර කියන එක ගැන විතරයි . විපක්ෂය කතා කරන්නේ ජීවිතේට ණයක් ගත්තෙ නැති විදිහටයි. දෙදහස් පහළොවේ දී රජය බාරදෙන අවස්ථාවේදී අපේ රටේ ණය බර තිබුණේ සියයට හැත්තෑ එකයි. පසුගිය රජය අවසන් වෙනකොට ණය බර සියයට අසූ හයයි. රට දැවැන්ත ණය බරකට යොමුකරලා අද ණය ගන්නවා කියලා චෝදනා කරනවා. ණය ගැනීමේ අවදානමක් තිබෙනවා.  නමුත් අපේ රජය ණය අරගෙන කරන්නේ ත්‍රීපෝෂ නිෂ්පාදනය, කැම්පස් හදන එක පාලම් බෝක්කු යටිතල පහසුකම් හදන එක, ක්‍රීඩා ආර්ථිකයට අවශ්‍ය සම්පත් නිර්මාණය කරන එක, ඒ නිෂ්පාදනය ඇතුළු අපේ සම්ප්‍රදායික අපනයන බෝග නිෂ්පාදනය වැඩිකිරීම වැනි නිෂ්පාදන ආර්ථිකයක් හදන එකයි.  රටේ නිෂ්පාදනය අවපාතයකට යනවනම් රජය  අයෝමය ලෙස ඊට මැදිහත් විය යුතුයි. මේවායින් පේන්නේ විපක්ෂය සත්‍ය කොයිතරම් විකෘති කරන්න හදනවා ද කියන එකයි. ආදායම් මාර්ග නැහැ. පියව ගන්න විදිහක් නැහැ වගේ දේවල් තමා කියන්නේ.

SendShareShare
Previous Post

අවුරුදු 4කට පසු පිල්ලෙයාන්ට ඇප ලැබෙයි

Next Post

අම්බලන්ගොඩ අවුලක්: අම්මටයි-තාත්තටයි කොරෝනා: ළමයින් දෙදෙනා පාසල් ගිහින්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.