විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කොට තිබේ.
අද(17) පෙරවරුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දී ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩලය සමග එක්ව ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතය.
එම අවස්‍ථාවට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්විය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද උපාධිය හදාරා ඇති ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා එංගලන්තයේ නීතිය පිළිබද පශ්චාද් උපාධිය ද, බැරිස්ටර්වරයකු වශයෙන් පුහුණුවක් ද ලබා ඇත.
ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධියක් ලබා ඇති ඒ මහතා ජාත්‍යන්තර අධ්‍යයන, දේශපාලන විද්‍යාව සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද (ගෞරව) ලබා ඇත.
2009, 2010 වර්ෂවල දහ අටවන සංශෝධනය, මාධ්‍යවේදී ලසන්ත ඝාතනය, සරත් ෆොන්සේකා මහතාගේ නඩුව , වැනි කටයුතුවලදී ඒ මහතා නීතිවේදීයෙකු ලෙස සක්‍රීය කටයුතු රැසක් ඉටුකරනු ලැබූ අතර දේශපාලන ක්ශෙත්‍රයේ ද කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කොට තිබේ.
පසුගිය මහමැතිවරණයේදී ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීමටද පියවර ගෙන තිබිණ.











