• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝගම්බර නිරෝදායනයට කිරිඇල්ලගේ විරෝධය

November 17, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
බෝගම්බර නිරෝදායනයට කිරිඇල්ලගේ විරෝධය
Share on WhatsAppShare on Facebook

බෝගම්බර සිරගෙදර නීරෝධායන මධ්‍යස්ථානය මහනුවර නගරයට, දිස්ත්‍රික්කයට විශාල තර්ජනයක් බවත්, වහාම එම නීරෝධායන මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කර සිටියේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

යහපාලන රජය කාලේ බෝගම්බර එෛතිහාසික සිරගෙදර හා එම අක්කර 5 ක භූමිය සංවර්ධනය ආරම්භ කරා. එහි සිටි සිරකරුවන් වෙනත් සිරගෙදරකට මාරු කරලා එම භූමිය හිස් කර විශාල සංවර්ධනයක් එහි ආරම්භ කරන්න සැළසුම් කෙරුවා. නමුත් වත්මන් රජය මේ සියල්ල අමතක කරලා එම ස්ථානය අද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කරලා තියෙනවා. මුලදි සිරකරුවන් 100 කින් පමණ ආරම්භ කෙරුවත් අද සිරකරුවන් 800 ක් පමණ එම ස්ථානයේ ඉන්නවා. අපිට ලැබෙන තොරතුරු අනුව කොවිඞ් ආසාධිතයන් 150 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ ස්ථානය තියෙන්නේ නගරය මැද. මෙහි සේවය කරන අය දිනපතා තම ආහාර අවශ්‍යතා සදහා මහනුවර නගරයට එනවා. බෝගම්බර සිරගෙදර තුල ආරම්භ කරපු මේ නීරෝධායන මධ්‍යස්ථානය මුළු නගරයටම, දිස්ත්‍රික්කයටම විශාල තර්ජනයක්. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ නීරෝධායන මධ්‍යස්ථානය වහාම වෙනත් ස්ථානයකට රැගෙන යන්න කියලා. මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් පවත්වලා නෑ. හිතුවක්කාර ලෙස සිරකරුවන් 800 ක් පමණ මේ මධ්‍යස්ථානයට දාලා මුළු නගරයටම කොවිඞ් වෛරසය ව්‍යාප්තවීමට අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා.

පසුගිය කාලේ අපි බලාපොරොත්තු උනේ මෙම ස්ථානය සංවර්ධනය කරලා එලිමහන් රංග පීඨය,උඩරට හස්ත කර්මාන්තය සදහා ඉඩ ලබාදීමට, රැකියාවල් 5000 ක් පමණ මෙම ස්ථානයෙන් අපි බලාපොරොත්තු උනා. නමුත් අද මේ සේරම නවත්තලා, නීරෝධයට මධ්‍යස්ථානයක් බවට පත් කරලා මුළු නගරයම අනතුරකට ලක් කරලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා වහාම මෙම නීරෝධායන මධ්‍යස්ථානය මෙම ස්ථානයෙන් ඉවත් කරන්න කියලා.
පසුගිය අවුරුද්ද පුරාවටම වත්මන් රජය කාලය ගත කලේ කොරෝනා පාලනය කරනවාට වඩා ඡන්දය ජයග්‍රහණය කරන්න හා 20 වන ව්‍යවස්ථාව සංශෝධනය සදහා මුළු අවුරුද්දම කාළය ගතකෙරුවේ මේවාට. කොරෝනා පාලනයට දුන්නේ 3 වන තැන. දැන් බලන්න ටයිවාන් කියන දූපත, චීනයට ආසන්න රටක් ලංකාවට ආසන්න ජනගහණයක් ඉන්න රටක්. ඒත් ජනවාරි මාසයේ සිට අද දක්වා රෝගීන් ඉන්නේ 602 ක් සහ සිදුවී ඇති මරණ ගණන 7 යි. ඒ වගේම පසුගිය දින 200 පුරාවටම එක කොරෝනා රෝගියෙක්වත් වාර්ථා වෙලා නෑ. ටයිවාන් දූපත සම්පූර්ණ සාමාන්‍ය තත්වයේ තියෙන්නේ. මෙයට ප්‍රධාන හේතුව තමයි මේ අය ජනවාරි මාසයේ ගුවන් තොටුපල වැහුවා. ඒ නිසයි සාර්ථකව රෝගය පාලනය කරගත්තේ.

රජයට ජනවාරි 22 කට ආසන්න දිනයක අපි කිව්වා ගුවන් තොටුපල වහන්න කියලා නමුත් ගණන්ගත්තේ නෑ. රජයට අවශ්‍ය වුනේ නාම යෝජනා කැඳවලා ඒ කටයුතු කරන්න. අද රජය හිතුවක්කාර ලෙස වැඩ කරලා ජනතාවට බනිනවා. කියන්න කණගාටුයි ලෝකයේ කිසිම නායකයෙන් කොරෝනා ගැටළුව ගැන තම රටේ ජනතාවට දොස් කියලා නෑ. නමුත් අපේ රටේ නායකයා ඉතිහාසගත වෙනවා ලෝකයේ ඉන්න එකම නායකයා තම ජනතාවට දොස් කියපු. නමුත් මම ඒ අයට මතක් කරන්න කැමතියි කොවිඞ් පළමු රැල්ල එක්තරා මට්ටමකට පාලනය කෙරුවාම ඒ ගෞරවය ආණ්ඩුව ගත්තා. දෙවෙනි රැල්ල අසාර්ථක උනාම ජනතාවගේ වැරැද්ද කිව්වා. පරණ කථාවක් තියෙනවා දින්නාම අපි, පැරදුනාම තොපි කියලා. 1972 මට මතකයි සමඟි පෙරමුණ ආණ්ඩුව පැරදුනාම එවකට ඇමතිවරයෙකුට දොස් පැවරුවා. ඒ ඇමතිවරයා තමයි කිව්වේ දින්නාම අපි, පැරදුනාම තොපි කියලා. එදා ඒ ප්‍රතිපත්තිය තමා අද මේ රජය ක්‍රියාත්මක කරන්නේ. අපි කණගාටු වෙනවා 69 ලක්ෂයක් ඡන්දය දුන් ආණ්ඩුව ජනතාවට දොස් පැවරීම ගැන.

SendShareShare
Previous Post

සිරුරු භූමදානය කරනවාද? ආණ්ඩුව භූමදාන වෙනවාද? මැදගොඩ හිමි ප්‍රශ්න කරයි

Next Post

රනිල් ගාව හිටපු අධිනීතීඥ ක්‍රිෂ්මාල් සජිත්ගේ බුද්ධි මණ්ඩලයට

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.