ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා මාකදුරේ මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ගේ බිරිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.
ඒ අනුව අද (16) පස්වරු 2 සිට පස්වරු 6.30 වනතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වික්‍රමරත්න මහතාගෙන් ප්‍රශ්න කොට ඇත.
එහිදී ඔවුන් වික්‍රමරත්න මහතාගෙන් අදාළ තොරතුරු ලැබුණු මූලාශ්‍රයන් මොනවාද යන්න විමසා ඇති බව දැනගන්නට ඇත.
ඊට පිළිතුරු දෙමින් වික්‍රමරත්න මහතා තමන් එම තොරතුරු ලබා ගත්තේ මාධ්‍ය ඔස්සේ බව පෙන්වා දී ඇති අතර සිරකරුවන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බවත්, එසේ නොමැති වුවහොත් එය රටේ කීර්තියට හානිදායක බවත් පෙන්වා දී තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස එය පෙන්වා දීම තමන්ගේ වගකීමක් බවද වික්‍රමරත්න මහතා එහිදී සදහන් කොට ඇත.
කෙසේවෙතත් වික්‍රරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවූ ප්‍රවෘත්ති සාකච්ජාව පහතින් පළවේ.










