• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ට පසු කොරෝනාවේ ඊළග බිල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 14, 2020
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ට පසු කොරෝනාවේ ඊළග බිල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේදී
පහසු ජයග්‍රහණයක් අබියස…’
‘ආර්ථිකය මෙලෙසම තිබුණොත්
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වළක්වන්න
කිසිවකුට නොහැකිය…
‘

  • මූඩිගේ මැතිවරණ විග්‍රහය
    15.10.2019

මේ ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථිකය ගැන විග්‍රහ කරන අනාවැකි පළකරන මූඩි කොරෝනා එන්න කලින් ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ගැන පළ කළ අනාවැකියය. කොරෝනාවෙන් පසු මේ අනාවැකි එකිනෙක වෙනස් විය. කොරෝනා පටන්ගත් විගස ‘ඔක්ස්ෆර්ඞ් ඉකොනොමික්’ නම් වූ ආයතනය කීවේ ජෝ බයිඩන් ට්‍රම්ප්ව ඓතිහාසික ජනවරමකින් පරාජය කරන බවය. ඔක්ස්ෆර්ඞ් ඉකොනොමික් ආයතනයත් කොරෝනාවට කලින් අනාවැකි පළ කළේ රැකියා වියුක්තිය අවම කිරීම, ආදායම් මාර්ග වැඩි කිරීම, කොටස් වෙළෙඳපොළ ඉහළ යෑම නිසා ට්‍රම්ප් අති විශිෂ්ට ජයක් හෝ දුෂ්කර ජයක් ලබනු ඇති බවය. එහෙත් කොරෝනාවෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන අනාවැකි පළ කරන ආයතන ජනමත සමීක්‍ෂණ වාර්තා සියල්ල සින්දුව වෙනස් කළහ. ඔවුන් කීවේ ආර්ථික වැටීම නිසා ට්‍රම්ප් පරාජය වන බවය.
‘ට්‍රම්ප් කොරෝනාවේ පළමු බිල්ලද..?’
මේ දවස්වල ලෝකයේ දේශපාලන විශ්ලේෂකයන්ගේ ප්‍රියතම මාතෘකාව ඕකය.
‘ඊළඟ බිල්ල බි්‍රතාන්‍යයේ බොරිස් ජොන්සන්ද..?’
බි්‍රතාන්‍යයේ පමණක් නොව යුරෝපයේත්, දේශපාලන විශ්ලේෂකයන් දැන් විග්‍රහ කරන්නේ කොරෝනාවෙන් බොරිස් ජොන්සන්ට වෙන්න යන දේ ගැනය. බොරිස් ජොන්සන්ද ට්‍රම්ප්ගේ ජාතිකවාදී රැල්ලේ පිහිනා ආ හොඳ දේශපාලන පිහිනුම්කාරයෙකි. ඔහු බි්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලැබීය. ඒත් අද කොරෝනා නිසා ඔහු ඉන්නේ හොඳටම හෙම්බත් වෙලාය. ලොව ජනප්‍රිය ජාතිකවාදී නායකයන් බිලිගන්නා කොරෝනා රැල්ල ගැන ඉන්දියාවේ ‘ද ප්‍රින්ට්’ වෙබ් පුවත්පත අපූරු ලිපියක් පළකොට තිබුණි. කොරෝනා රැල්ල ට්‍රම්ප්ව බිලිගත් විට ඉන්දියාවේද ප්‍රධාන මාතෘකාවක් වූයේ ට්‍රම්ප්ට වෙච්ච දේ ඉන්දියාවේ මෝඩිටත් වෙයිද කියාය. හේතුව මෝඩි ජාතිකවාදී රැල්ලෙන් බලයට ආවේ ට්‍රම්ප්ට කලින්ය. අනෙක මෝඩි ට්‍රම්ප්ගේ ගජ මිතුරෙක් විය. වෙනකක් තබා මෝඩි ඇමෙරිකාවට ගොස් ට්‍රම්ප්ට දිනන්න ඇමෙරිකාවේ පදිංචි ඉන්දියානුවන්ගේ සහායද අරන් දුන්නේය. ඉතින් ට්‍රම්ප් පරාජය වූ විට ඉන්දියාවේ දේශපාලන විශ්ලේෂකයන් කියන්න පටන්ගත්තේ ට්‍රම්ප්ට වෙච්ච දෙය මෝඩිටත් වෙයි කියලාය. මෝඩි කොරෝනා එන්න කලින් ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් කළේය. එහෙත් කොරෝනාවෙන් ඒ සියල්ල වෙනස් විය.
‘ට්‍රම්ප් වගේම මෝඩිත් කොරෝනාවට බිලිවෙයිද…?’
ඉන්දීය මාධ්‍ය ට්‍රම්ප් පරාජයට පසු අහන්නේ ඔය ප්‍රශ්නයය.
ඒත් ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය කියන්නේ අමුතු කතන්දරයකි. ඔවුන් කියන්නේ ට්‍රම්ප් මෝඩි නොවේ යැයි කියාය. ඒ සඳහා එම වෙබ් අඩවියේ පළවූ ලිපිය හේතු කිහිපයක් ඉදිරිපත් කරයි. එම ලිපියෙන් කියන්නේත් කොරෝනාවට කලින් ට්‍රම්ප් හිටියේ දිනල කියාය. එම ලිපිය කියන්නේ කොරෝනාව හිස ඔසවන විට ප්‍රකට නවකතාකරුවකු වූ ‘පමුක්’ මෙම වෛරසය ගැන සාහිත්‍යමය පර්යේෂණ කොට නවකතාවක් ලියන්න සූදානමින් සිටි බවය. ඔහු පර්යේෂණ කරන කාලයේ එම ලිපිය ලියූ ලේඛකයාට අපූරු කතාවක් කියා ඇත.
‘ඉතිහාසය සහ සාහිත්‍ය උගන්වන්නේ මෙවැනි වෛරසයක් හිස එසවූ විට මරණයට තියෙන බය සහ වෛරසය හැදෙයි කියා මනස වියවුල් කරගන්නා මිනිසුන් තම වෛරය බලයේ සිටිනා ආණ්ඩුවලට එරෙහිව මුදාහරින බවය…’
‘ද ප්‍රින්ට්’ ලිපිය කියන්නේ එය ට්‍රම්ප් සම්බන්ධයෙන් නිවැරැදි වුණත් මෝඩි සම්බන්ධයෙන් වැරැදි විය හැකි බවය. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන්නේ පහත හේතුය.
පළමුවැන්න මෝඩි කිසිවිටෙකත් කොරෝනාව පරාජය කරන්න තමන්ට පුළුවන් යැයි නොකී බවය. ඔහු ප්‍රාන්ත මහ ඇමැතිවරු සමඟ අන්තර්ජාලය ඔස්සේ කතා කරමින් කොරෝනාව තමන්ගේ ප්‍රශ්නයක් නොව රටේ මහජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්කළ බවය. කොරෝනා මර්දනයේ වගකීම හැමෝම සමඟ බෙදාහදාගත් බවය. කොරෝනාව තමන්ගේ කරට නොගෙන අනුන්ගේ කර පිටට පැටවූ බවය. ඔහු ඉන්දියානු ජනතාවට කීවේ කොරෝනාවේදී මගෙන් අහන්න එපා, මට මොනවද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් කියා. මම කියනවා ඔබට කොරෝනාවෙන් පරෙස්සම් වෙලා ඔබට මා වෙනුවෙන්, රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියාය. ඔහු කීවේ මට ජනතාව පරෙස්සම් කරන්න බැහැ, ඔබ පරෙස්සම් වෙලා ඔබත්, රටත්, ආර්ථිකයත් පරෙස්සම් කරගන්න කියාය.
ඊළඟ හේතුව ලෙස එම ලිපිය කියන්නේ කොරෝනාවට පසු මෝඩි ජනතාව අමතද්දී කොරෝනා මාතෘකාව වුවමනාවෙන්ම මඟඇරිය බවය. එම ලිපිය කියන්නේ ඔහු කොරෝනාව ගැන අඩුවෙන්ම කතා කළ නායකයා කියාය. ඔහු එසේ කළේ කොරෝනාව ගැන කතා කළොත් එය තමාට අවාසි වන බවත්, කොරෝනා වාදයේ පැටලුණොත් තමා හිර වී, කොන් වී විනාශ වන බවත් ඔහු දැන සිටි නිසා බවය.
තෙවැනි හේතුව මෝඩි මිනිසුන්ට කොරෝනාව අමතක කරන්න මාධ්‍ය විජ්ජා කළ බවය. ප්‍රකට බොලිවුඞ් නළු සුසාන්ත් සිංග් රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීම ගැන මිනිසුන් තුළ සැක උපදවා එය රටේ ජාතික ප්‍රශ්නයක් කොට කොරෝනාව මිනිසුන්ට අමතක කළ බවය. රාජ්පුත්ගේ මරණය බොලිවුඩයේ මත්ද්‍රව්‍ය භාවිතය, බොලිවුඩයට මුස්ලිම් අන්තවාදීන් සමඟ තිබෙන සබඳතා හෙළි කිරීම දක්වා වූ දුරකට ගෙන ගොස් කොරෝනා හැදෙන ආසාදිත ගණන, මැරෙන ගණන, රටේ ආර්ථික වැටීම ගැන මාධ්‍ය කතා නොකරන තැනකට පත්කළ බවය. විදේශ මාධ්‍ය පවා කීවේ මෝඩිගේ මේ මාධ්‍ය විජ්ජාව වැඩ කළ බවය. විදේශ මාධ්‍ය කීවේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය වැටෙද්දී මිනිස්සු සුසාන්ත් සිංග් රාජ්පුත්ගේ ඝාතකයන් සෙවූ බවය.
සුසාන්ත් සිංග් රාජ්පුත් බිහාර් ප්‍රාන්තයේ තරුණයෙකි. කොරෝනාවලට පසු පළමු ඡන්දය දින්නේ බිහාර්වලින් බව මෝඩි දැන සිටියේය. ඔහු මාධ්‍ය හරහා කොරෝනාවට වඩා බොලිවුඩය භයානක යැයි රටට පෙන්වීය. රාජ්පුත් බොලිවුඩයේ බිල්ලක් යැයි බිහාර් වැසියන්ට ඒත්තු ගන්වා ඔහු බිහාර් ප්‍රාන්තයෙන් කොරෝනා බිල්ලක් බවට පත්වීම වළක්වා ගත්තේය.
‘ද ප්‍රින්ට්’ ලිපිය කියන්නේ ට්‍රම්ප් – මෝඩි නොවූ බවය. ට්‍රම්ප් කොරෝනා ඇඟේ දමාගෙන අනාගෙන නාගත් බවය.
ට්‍රම්ප් පරාජය වූයේ කොරෝනාවෙන් වැටුණු ආර්ථිකය නිසාය.
‘රාජපක්‍ෂ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේත් ඒකමද..?’
ඇත්ත කතාව නම් කොරෝනා ආ විට රාජපක්‍ෂ ආණ්ඩුව මුලින් බය වුණත් පසුව හිතුවේ මුලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන ඉතා අඩු සංඛ්‍යාවක් නිසා කොරෝනාව ගැන ජනතාව හොඳටම බය කරලා රට වහල කොරෝනාව ජයගත් වීරයා ලෙස මහ ඡන්දයට යන්නටය. ඒකට ආණ්ඩුව කොරෝනාව ඇඟේ දමාගත්තේය. රටේ සියලුම මාධ්‍ය කොරෝනාකරණය කළේය. මිනිත්තුවෙන් මිනිත්තුවට කොරෝනා නිවුස් දැම්මේය. රට විවෘත කරලා ජාතිය අමතලා දැන් රට කොරෝනාවෙන් නිදහස් යැයි ප්‍රකාශ කළේය. කොරෝනාවෙන් මව්බිම මුදාගත් වීරයන් කියා පොදුජන පෙරමුණු පාක්‍ෂිකයෝ රට පුරා කටවුට් ගැසූහ. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා කොරෝනා ජයග්‍රහණයේ පදක්කම් ජනාධිපතිටත්, අගමැතිටත් බෙදුවාය.
‘කොරෝනා – දෙවැනි රැල්ල ආවේ ජනතාවගේ සහ මාධ්‍ය වගකීමෙන් කටයුතු නොකළ නිසයි.’
දෙවැනි රැල්ල ආ විට ගෝඨාභය කීවේ එලෙසය. ඇත්තටම ආණ්ඩුව කොරෝනා මර්දනය කළා යැයි ජාතිය අමතා නිල වශයෙන් ප්‍රකාශ කළ විට ජනතාවට පරෙස්සම් වෙන්න දෙයක් නැත. මාධ්‍යයට කොරෝනා ගැන කියන්න දෙයකුත් නැත. මහ ඡන්ද කාලයේ ජනතාවට පරෙස්සම් වෙන්න යැයි ආණ්ඩුව කීවේ නැත. එසේ කීවොත් ජනතාව තමන්ගේ රැස්වීම්වලට නොඑනු ඇතැයි ඡන්දය දමන්න නොඑනු ඇතැයි ආණ්ඩුව බය විය. පරෙස්සම් වෙන්න යැයි කීවොත් කොරෝනා මර්දන පදක්කම් අහිමි වී ඡන්දය දිනාගන්න නොහැකිවනු ඇතැයි ආණ්ඩුව බය විය.
එම නිසා කොරෝනාව යළි පැතිරුණත් ජනතාවගේ සහ මාධ්‍යවල වරදින් යැයි ආණ්ඩුවට කටක් ඇරලා කියන්න බැරිය. කොරෝනාව යළි පැතිරුණේ ආණ්ඩුව කොරෝනා ඉවරයි කියල අඬබෙර ගහල ඡන්දය දිනන්න ගිය නිසාය.
කොරෝනා පටන්ගත් කාලේ ආණ්ඩුව කියපු කතා ජනතාවට මතකය. ඡන්දයට පෙර කොරෝනා මර්දනය තමන්ගේ කරට ගෙන ඡන්දයට පසු කොරෝනා මර්දනය ජනතාවගේ වගකීමක් යැයි කියන්න බැරිය. එහෙම නම් ආණ්ඩුව මුල සිටම මෝඩි වගේ කොරෝනා ජනතාවගේ ඇඟේ තියල කැපිය යුතුව තිබුණි. ඡන්දය දිනන්න කොරෝනා පාවිච්චි කළ නිසා ආණ්ඩුව කොරෝනාව ඇඟේ දමාගත්තේය.
‘යුද්ධය කොටි වලිගයක් කීවේ ජේ. ආර්.ය. බලාගෙන යන කොට කොරෝනාව ඊටත් වඩා කොටි වලිගයකි.’
ගුරුදා විග්‍රහය
25.04.2020

ඇත්තටම අද කොරෝනා කොටි වලිගය අල්ලාගෙන ආණ්ඩුව දුවන්නේ කොහේටද කියල ආණ්ඩුව දන්නේ නැත. ආණ්ඩුව දුවන්නේ ආර්ථිකයත් සුනුවිසුනු කරගෙනය. ආර්ථිකය වැටුණේ කොරෝනා නිසා, කොරෝනා ලෝකයට පොදු දෙයක්, අපිට කරන්න දෙයක් නැහැ කියා ඇඟ බේරා ගන්න ආණ්ඩුවට බැරිය. හොඳම නිදසුන ට්‍රම්ප්ය. මම කොරෝනාවලට කලින් ආර්ථිකය හොඳින් කරගෙන ගියා කිව්වාට මිනිස්සු ඡන්දය දුන්නේ නැත. 2024 ජනාධිපතිවරණය එන විට කොරෝනාව ඉවර වෙන විට ආර්ථිකයත් ඉවර වී තිබුණොත් ආණ්ඩුව කොරෝනාවේ තවත් බිල්ලක් වීම වළක්වන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

යටිතල පහසුකම් අරන් නාමල් බදුල්ලේ යයි

Next Post

අවුරුදු 84යි – මම තාමත් ජනප්‍රියයි

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.