විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් (Sarah Hulton) මහත්මිය අතර විශේෂ හමුවක් අද (13) කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය.
එහිදී ද්වීපාර්ශවීය කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම කොරෝනා ව්‍යසනය සහ එහි අභියෝග පිළිබඳවත් සාකච්ඡාවට ගැනිණ.
රටක් ලෙස කොරෝනා ව්‍යසනය පරාජය කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයක් විපක්ෂය ලෙස ලබා දෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් පක්ෂ පාට භේද නොසලකා, නූතන නවීන විපක්ෂයක් ලෙස තමන් කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මහකොමසාරිස්වරියට අවධාරණය කළේය.
කෙසේ වෙතත් කොරෝනා මර්ධන ව්‍යාපාරය තුල ආණ්ඩුවේ යම් යම් අඩුපාඩු පිළිබඳව තමන් නිරන්තරයෙන්ම අවධානය යොමුකරන බවත් ඒ අඩුපාඩු පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථක කොට ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා බවත් ඒ මහතා පැවසීය.
විපක්ෂයේත් තම පක්ෂයේත් ඒකායන අරමුණ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවීම බවද ඒ මහතා පැවසීය.

මේ අවස්‍ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.










