කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීම අසාධාරණයක් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ට දිනකට දුරකතන ඇමතුම් 100ක් ලැබුණොත් ඉන් 99ක්ම මේ ඉල්ලීම කරමින් තමන්ට ලැබෙන බවකි.
එම නිසා තමන් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජයේ වගකිවයුත්තන් සමග සාකච්ජා කරන බවත්, ලෝකයේ අනෙක් රටවල් සියල්ල මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද මුස්ලිම් සිරුරු භූමිදානයට අවසර ලබා දී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.










