කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ (11) දින හමුවූ ආසාදිතයින් 55 දෙනෙකු ඇතුළුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මීට අමතරව පොලිසියේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 612ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 145 දෙනෙකුද අයත් බව කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
ඊයේ හමුවූ පොලිස් දෙපාර්තමේන්තුවේ ආසාදිතයින් ගණන 91කි.
කොටුව පොලිසියේ 82ක්
පොලිස් මුලස්ථානයේ 06ක්
කොම්පඤ්ඤ විදිය 01ක්
විශේෂ කාර්යාංශයේ 01ක්
ක්‍රීඩා අංශයේ 01ක්.
ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ සෙසු ප්‍රදේශ පහතින් දැක්වේ.
බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.










