ලොව දැවැන්ත ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ඇස්ට්‍රාසෙනේකා’ සමාගම විසින් මේ වනවිට කොරෝනා මර්දන එන්නතක් නිපදවා ඇති අතර එය ලබන දෙසැම්බරයේ වෙළෙදපොළට නිකුත් කළ හැකි බව එහි ප්‍රධාන විධායක පැස්කෝල් සොරියට් මහතා ස්වීඩන මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
මේ වන විට එම එන්නත තුන්වන පරීක්ෂණ මට්ටමේ ඇති බව අනාවරණය වේ.
අදාළ සමාගම බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සමග එක්ව මෙම ඖෂධය නිපදවා ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.










