• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටේ සෙලෝටේප් අලවගෙන සජිත්ගේ මන්ත්‍රීවරු ජනපති කොමිසමේ

November 9, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කටේ සෙලෝටේප් අලවගෙන සජිත්ගේ මන්ත්‍රීවරු ජනපති කොමිසමේ
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කළ කැඳවීමක් අනුව අද (09) උදෑසන එහි පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව හමුවේ මෙම මන්ත්‍රීවරුන් සිදුකළ පැමිණිල්ලකින් පසු ඉන් පිටතදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමේ දී ජනපති කොමිසමට අපහාස වන ආකාරයෙන් අදාළ ප්‍රකාශය සිදුකළ බවට ලද තොරතුරු මත අදාළ කැඳවීම සිදුකර තිබේ.

මෙහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිත කරමින් රටේ නීතිය ද අභිබවා කටයුතු කරමින් සිටින බවය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඊයේ (08) දිනයේ දී සිතාසි නිකුත් කර ඇති බව සඳහන් වේ.

මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ, හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය.

කොමිසම හමුවේ මන්ත්‍රීවරු පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, “අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් කොමිසම් සභාවට කැඳවලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් අල්ලස් හා දුෂණ කොමිසමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව, ජනතාව වෙනුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළ මන්ත්‍රීවරු අද කොමිසම හමුවට කැඳවලා තියෙනවා. ඔවුන් ඇපීල් උසාවියට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. අපි අධිකරණයට ගරු කරනවා. හැබැයි අපි බොරු වැඩවලට ගරු කරන්නේ නෑ.“ 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලුදෙනා කළු පැහැති කතිරයක් සලකුණු කර ඇති මුඛ ආවරණ පැළඳසිටි අතර, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ ගැටළුවක් ඇති බැවින් එලෙස මුඛ ආවරණ පැළඳි බව ද ඔවුන් සඳහන්  කළේය.

SendShareShare
Previous Post

රට ඇරපු ආණ්ඩුව ආනයනවලටත් රට අරී

Next Post

පනිනවා කියන පස්දෙනා

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.