කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ආනයන දැඩි ලෙස සීමා කළ ආණ්ඩුව මේ වනවිට එම සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇත.
ඒ අනුව ආණ්ඩුව ආනයන ලිහිල් කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කොට තිබේ.
ඊට අමාත්‍ය විමල් වීරවංශ මහතාද ඇතුළත්ය.
ඒ අනුව පළමු අදියරේදී ඇගලුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සදහා පනවා ඇති සීමා ලිහිල් කර ඇති බව වාර්තා වේ.










