ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු හෙට (09) සිට යළි කාර්යාල දුම්රිය සේවාවන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේවුවත් සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කොට ඇති ප්‍රදේශවල දුම්රියන් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
එමෙන්ම දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට මගී ජනතාව කටයුතු කළ යුතු බවද එම නිවේදනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.











