මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවක් ඊයේ සිය නිවස තුළදීම මියගොස් තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 වයසැති ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.
මෙම කාන්තාව මසකට ආසන්න කාලයක් සිය නිවසේම රෝගී තත්ත්වයෙන් පසුව තිබෙන අතර නිධන්ගත රෝගයන්ගෙන් පෙලුනු බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.
මෙම රෝගියා මියයාමට හේතුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.
මිට අමතරව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී ඇද වැටීමකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පසුගිය 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.
සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම රෝගියා කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.
මේ අතර ඊයේ දිනයේදී ආසාදිතයින් 443 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,187 දක්වා ඉහළ ගොස් ඇත.










