දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරියන් හට නිල ඇඳුම් ලෙස, දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76,000ක ප්‍රමාණයක් බෙදා දීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2020.11.02 දින රැස්වූ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4 කි.
මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල් 11000 කට අධික සංඛ්‍යාවක ගුරුවරියන් 76000ක් පමණ සේවය කරනු ලබයි.
දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරියන්ට නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.
එම වැඩපිළිවෙළ තවත් පුළුල් කරමින් දේශීය ආර්ථිකය නගා සිටුවීමේ නව රජයේ දැක්ම යටතේ මෙසේ දේශීය නිෂ්පාදිත සාරි දහම් පාසල් ගුරුවරියන්ට ලබාදීමට යෝජිතය.










