ඉකුත් ජනාධිපතිවරණයේදී කැලණියේ නාග රාජයකු නිර්මාණය කළා සේ මෙවර කොරෝනා සමයේදී ගංගාවන්ට පැන් කළ විසි කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඒ මණිඅක්ඛිත නාගරාජයාගේ සහාය ලබා ගැනීමට තිබූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
විපක්ෂනායකවරයා කළ මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී එකක් බවට පත්විය.
එමෙන්ම තමන් ඉකුත් ජනවාරි සිට කී සියල්ල සත්‍ය වී ඇති බවත්, එහෙත් ආණ්ඩුව කළේ ඒ සත්‍යට සිනාසෙමින් අපහාස, උපහාස කරමින් දේශපාලනය කිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මුල පටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී, යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ නමුත් තමන් එදා කී සියලු දේම අද වනවිට ඔප්පු වී ඇති බවත් දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව නොදී දැන්වත් කොරෝනා මර්දනය නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා බවත් දේශපාලන අවස්‍ථාවාදය රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිය බවත් හෙතෙම පැවසීය.
විස්ස වෙනුවෙන් දිනපතා පාර්ලිමේන්තුව රැස්වූ නමුත් අද පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ අඟහරුවාදා දවසේ ඉතාම සීමිත කාලයක් පමණක් බවත් ඒ මහතා කීය.
“ජනවාරි 24 වෙනිදා ඉඳලා අද දවස දක්වා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු සියල්ලක්ම රට ඉදිරියේ සත්‍යය බවට පත්වෙලා තියෙනවා. නමුත් යෝජනා ඉදිරිපත් කරනවිට හැම වෙලාවෙම අපට මඩ ගැහුවා. චරිත ඝාතනය කළා. කමක් නැහැ. මඩගැසීමෙන් චරිත ඝාතනයෙන් යම් තාවකාලික වින්දනයක් ලැබුවාට ප්‍රශ්නයක් නැහැ.” යැයිද ඒ මහතා කීය.
කොරෝනා උවදුර ගැන ජනවාරි 24 ඉදලා අපි කියපු සියල්ල ඇත්ත වුණා. ඒත් ඒ සියල්ල ආණ්ඩුව නොසලකා හැරියා. අද රටම ව්‍යසනයක – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කියයි










