ගංගාවලට කළගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මිරිසවැටිය රජමහා විහාරස්ථානයට පැමිණි විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.
අද ජනතාව බරපතළ ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බවත්, විශේෂයෙන්ම එදිනෙදා කුලී කම්කරුවන්, ස්වයං රැකියාලාභීන් ඇතුලු ජන සමාජයේ අසරණම කොටස දැඩි ව්‍යසනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
එදා සංවර්ධනය, සහන සැලසීම යනාදී වචන පවා ඇතැමුන්ට විහිලුවට සහ උපහාසයට හේතුවූ බවත්, එහෙත් අද සහන සහ සංවර්ධනය යථාර්ථයක් බවත් ඒ මහතා කීය.
රෝහල්වල බරපතළ අඩුපාඩුකම් ඇති බව කී ඒ මහතා කලගෙඩි ගංගාවලට දැමීම වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් කීය.
මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.










