• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට එරෙහි අභයාරාමේ අලුත්ම සටන: ඥානසාර හිමි හා මාගල්කන්දේ හිමිත් එයි (රාජ්‍ය රහස්)

November 2, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට එරෙහි අභයාරාමේ අලුත්ම සටන: ඥානසාර හිමි හා මාගල්කන්දේ හිමිත් එයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමඟ ආණ්ඩු පෙරළියෙන් පසුව නිස්කලංකව ගෙවෙමින් පැවැති දේශපාලන කරළිය හිටි හැටියේම ගිනියම් වී බොහෝ කරුණු කාරණා වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම එතෙක් ආණ්ඩුවත් සමඟ දිවෙන් දිව ගාගෙන සිටි බොහෝ පාර්ශ්ව 20 වැනි සංශෝධනය හරහා ආණ්ඩුවත් සමඟ කිසියම් දේශපාලන ආරෝවක් ඇතිකරගත් බව ප්‍රසිද්ධ කරුණකි. ඇතැමුන් විස්ස නිසාම ආණ්ඩුවත් සමඟ තිබූ සමීප සබඳකම්, පයුරුපාසානම් සම්පූර්ණයෙන්ම අතහැර දැමුවේය. තවත් සමහරු විස්සට එරෙහි වුවත් අකැමැත්තෙන් හෝ ඊට අත එසවීමට හිත හදාගත්හ. තවත් සමහරු ප්‍රසිද්ධියේම විස්සට එරෙහිව ආණ්ඩුව ඇතුළේ බරපතළ දේශපාලන කැරැල්ලක් ගසා අවසානයේ කිසිවක් නොකියාම විස්සට අත් එසවූහ.

පැවිදි හඩ බිහිවීම

මීට අමතරව ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කැප කිරීමක් කළ සිවිල් සංවිධාන, ජාතික සංවිධාන, භික්ෂු සංවිධාන විස්ස මුල්කරගෙන ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඉන් ප්‍රධාන තැනක් ගත් එක් කඳවුරක් වූයේ ආණ්ඩුවත් සමඟ සම්බන්ධව සිටි භික්ෂු සංවිධානය. විශේෂයෙන්ම 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූවාට පසු මහින්ද යළි බලයට ගෙන ඒම සඳහා විශාලම කැප කිරීම කළේ අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. ‘පැවිදි හඬ’ බිහිවූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වය යටතේය. එදා මෛත්‍රිපාල ජයග්‍රහණය කරවීමට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ නාග විහාරය සටන් මධ්‍යස්ථානයක් වූවා සේ මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා සටන් මධ්‍යස්ථානය බවට පත්වූයේ නාරාහේන්පිට අභයාරාමයය.
නමුත් විස්ස ගෙන ඒමත් සමඟ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළිණ. විස්සට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත විශාල හඬ නැඟෙන්නට වූයේ අභයාරාමයෙන්ය. ඒ සඳහා මුරුත්තෙට්ටුවේ හිමි සමඟ ආණ්ඩුවට සම්බන්ධව සිටි ප්‍රබල භික්ෂුන්වහන්සේලා වූ ඇල්ලේ ගුණවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, බෙංගමුවේ නාලක හිමි ආදීන්ද එක්ව සිටියහ. විස්සට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුණේත්, ඊට එරෙහි මැති ඇමැතිවරුන් මුණගැසුණේත් අභයාරාමයේය. විස්ස සම්මත වූ පසුවද තත්ත්වයේ වෙනසක් නොවීය. පසුගිය සතියේත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු මෙන්ම ප්‍රධාන භික්ෂුන් වහන්සේලා රැසක්ද අභයාරාමයට පැමිණ ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

මහින්ද රූකඩයක් කරන සැලැස්මක්

මෙහිදී විස්ස සම්මත වූ හැටියේම මහින්දත්, ආණ්ඩුවේ අමාත්‍යවරුන් වූ විමල්, උදය ඇතුළු විස්සට එරෙහි පිලේ සිටි කණ්ඩායමකුත් අභයාරාමයට පැමිණියේ කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා දිවයින පුරා පිහිටි පන්සල්වල රතන සූත්‍රය සජ්ඡායනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක වැඩසටහනට සහභාගි වීම සඳහාය. මහින්ද සමඟ එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටියහ. මෙහිදී බෝධිපූජා වැඩසටහන පවත්වා සෙත්පැතීමෙන් අනතුරුව මුරුත්තෙට්ටුවේ හිමියෝ සිය අනුශාසනාවේදී මහින්ද හට කිසියම් අනතුරු ඇඟවීමක් කිරීමට කටයුතු කළහ. ඒ ආණ්ඩුව ඇතුළේ සිටින බොහෝ දෙනකුට මහින්දව නිකමකු බවට පත්කිරීමේ උවමනාවක් ඇතැයි යනුවෙන් කියමිනි.
“අද ගොඩදෙනෙක්ට ඕන වෙලා තියෙනවා මහින්ද මහත්තයව රූකඩයක් කරන්න. එහෙම නැත්නම් නිකමෙක් කරන්න. මේ රටේ ජනතාව තාම ආදරය කරන්නෙ මහින්ද මහත්තයට. ඔබතුමා තමයි මේ රැල්ල හැදුවෙ. පොළොවෙ පය ගහල ඉන්න නායකයෙක් ඉන්නව නම් ඒ ඔබතුමා විතරයි. ඒ හින්දා අපි කීයටවත් ඔබතුමාට මේ වගේ ඉරණමක් අත්වෙන්න ඉඩ තියන්නෙ නෑ. අපි අපේ සටන අතහරින්නෙ නෑ. ඒක අපි ඉදිරියටත් මේ විදිහටම කරගෙන යනවා.” යනුවෙන් මුරුත්තෙට්ටුවේ හිමියෝ කියද්දී මහින්ද ඒ කතාව සාවධානව අසා සිටින ආකාරයක් දැකගත හැකි විය.

ඥානසාර හිමිත් යළි එළියට බහී

ඉන් අනතුරුව පසුගිය කාලසීමාවේ වැඩිය එළිපහළියේ නොපෙනෙන ප්‍රබල ස්වාමීන් වහන්සේලා දෙනමක්ද පසුගිය සතියේ අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ හිමි සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඉන් එක් නමක් වූයේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ය. පසුගිය ආණ්ඩු පෙරළියේදී ඥාණසාර හිමියන්ද විශාල කාර්යභාරයක් කළත්, විසිවැනි සංශෝධනය අවස්ථාවේදී උන්වහන්සේ සිටියේ නිහඬ වෘතයක් රකිමිනි. විස්ස සම්බන්ධයෙන් උන්වහන්සේ කිසි තැනක ප්‍රසිද්ධියේ අදහස් පළකිරීමට ගියේ නැත. නමුත් විස්ස සම්මත වීමත් සමඟ පසුගිය සතියේ උන්වහන්සේද අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ හිමි සමඟ සාකච්ඡා කළේ මේ වන විට රට ඇතුළේ මතුව ඇති තත්ත්වය පිළිබඳවය. එහිදී ඥාණසාර හිමියන් මුරුත්තෙට්ටුවේ හිමියන් වෙත යෝජනා කර ඇත්තේ මේ වන විට රටේ ජනතාව ආණ්ඩුවේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන තැනට පැමිණ ඇති බැවින් තත්ත්වය බරපතළ වීමට පෙර ආණ්ඩුව හරි මඟට ගැනීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අරමුණින් වෙනම සංවිධානයක් පිහිටුවිය යුතු යැයි කියාය. මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන්ද ඊට පළවූයේ යහපත් ප්‍රතිචාරයකි. ඒ අනුව උන්වහන්සේලා දෙනම අතර පැයක පමණ පැවැති සාකච්ඡාවකදී තවත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මීට අමතරව අභයාරාමයට පැමිණි අනෙක් හිමිනම වන්නේ මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේය. උන්වහන්සේද ඉකුත් සමයේ ආණ්ඩු පෙරළිය සඳහා විශාල දායකත්වයක් සැපයුවද ඉන් අනතුරුව නිහඬ වත රැකි ස්වාමීන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධව සිටියේය. නමුත් වත්මන් තත්ත්වයත් සමඟ උන්වහන්සේද පසුගිය සතියේ අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ හිමියන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක නිරත වීමට කටයුතු කළහ.

සෞඛ්‍ය අධ්‍යක්ෂගේ පත්වීමට එරෙහි සටන

එමෙන්ම පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ හිමියන් ඒකාබද්ධව තවත් විශේෂ ප්‍රවෘත්තා සාකච්ඡාවක්ද අභයාරාමයේදී පැවැත්වීමට පියවර ගත්හ. ඒ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතාගේ සංචාරය පිළිබඳව සහ ආණ්ඩුව පසුගිය සතියේ නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පත්වීම සම්බන්ධයෙන්ය. මෙහිදී ඒ පිළිබඳව දැඩි විරෝධය පළකරමින් උන්වහන්සේලා කියා සිටියේ එය අසාධාරණ පත්වීමක් බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මෙහිදී එම පත්වීමට එරෙහිව ප්‍රබල ප්‍රහාරය එල්ල කළේ මුරුත්තෙට්ටුවේ හිමියන්ය.

පැය 48ක් දෙයි

“මම 1968 ඉඳන් සෞඛ්‍ය සේවාව එක්ක වැඩ කරනවා. අපි බලාපොරොත්තු වුණා ජාසිංහ මහත්මය ගියාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට නියම සුදුස්සෙක් පත්කරයි කියලා. ඒකට කමිටුවකුත් පත්කළා. හැබැයි ඒ තනතුරට පත්කළේ අපි බලාපොරොත්තු නොවුණු පුද්ගලයෙක්. මෙච්චර කාලෙකට කිසිම ආණ්ඩුවක් මේ විදිහට මට සලකල නෑ.” යැයි කී උන්වහන්සේ එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා ආණ්ඩුවට පැය 48ක කාලයක් ලබාදෙන බව කියමින් සැර ලිපියක් යොමුකිරීමටද පියවර ගත්හ. එසේ නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බවද එම ලිපිය මඟින් සඳහන් කර සිටියහ. මීට අමතරව රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු තවත් ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනෙකුද මේ වන විට අදාළ පත්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් ලබාගනිමින් සිටින බවය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

19 වෙනස් කරන්න ආණ්ඩුවට තිබ්බ හදිසිය නිරෝධායන පනත වෙනස් කරන්න තිබ්බේ නෑ (VIDEO)

Next Post

පෝර්ට්සිටියේ ලොකුම ඉදිකිරීම චීනෙට

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.