සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක උපාලි කරුණාතිලක මහතා සිගිරි පර්වතයේ සිංහ පාදය අසලදී හදිසියේ ජිවිතක්ෂයට පත්ව ඇත.
පොලිස් පරීක්ෂකවරයා මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රමුඛ නිළධාරින් කණ්ඩායමක් සමග සීගිරි පර්වථය නිරික්ෂණය සදහා ගමන් කරමින් සිටියදී හදිසියේ රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු මියගොස් ඇත.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද (01) දඹුල්ල මුලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව පෙරේදා දින බියගම පොලිස් සථානාධිපතිවරයාද මිය ගිය අතර එහිදී කියවුණේ හදිසි හෘදයාබාධායක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවකි.










