කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.
මෙම අර්බුදකාරී තත්වය හමුවේ දිවයිනේ සියලුම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සඡ්ඡායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.











