• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහරාජ පාරෙ වැඩ අවසන්

October 31, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සිංහරාජ පාරෙ වැඩ අවසන්
Share on WhatsAppShare on Facebook

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී.

පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශණය කොට පරිසරයට හානි නොවන අයුරින් දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් දුන්නේය.

යුද හමුදා ඉංජිනේරු බලකාය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව සැප්තැම්බර් 02 වනදා  මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළේය. නෙළුව – වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කි.මි 6.5ක කොටසක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. ඉන් කි.මි 01ක කොන්ක්‍රිට් ඇතිරිමට නියමිතය. ඉතිරි දුර ප්‍රමාණය වන කි.මි 5.5ක ඉදිකිරීම් අවසන්ව ඇත. මාර්ගයේ අලුතින් ඉදිකෙරුණු පාලම් සහ බෝක්කු සංඛ්‍යාව 34 කි. මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ කාපට් ඇතිරීම ආරම්භ කර ඇති අතර, ඉන් කි.මි 4ක දුරක් කාපට් අතුරා අවසන් කර තිබේ.

අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළත මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීම අපේක්ෂාව  බවත්, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදු වන බැවින් නොවැම්බර් මස පළමු සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය පවසයි.

දෙවන අදියර යටතේ ලංකාගම – දොඹගොඩ සිට දෙනියාය මාර්ගය ඉදිකරනු ලැබේ. එහි ඉදිකිරීම් ද දැන් ආරම්භ කර තිබේ. මුළු  දුර ප්‍රමාණය කි.මි 5.4 කි. කි.මි 1.8ක  ඉදිකිරීම් දැන් නිම කර තිබෙන අතර  පාලම් සහ බෝක්කු 52න් 14 ක වැඩ අවසන්ව ඇත. මාර්ගය ඉදිකිරීමේ දී පරිසර හිතවාදී ක්‍රම අනුගමනය කෙරේ. ගල් බෝර පිපිරවීම් කරන්නේ නැත.

පළමු සහ දෙවන අදියර  අවසන් වීමෙන් පසුව නෙළුව  සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ලංගම බස් රථයක් ධාවනය කෙරේ.  ඒ සමග නෙළුව සිට දෙනියායට යාමට ගත වූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට අඩු වෙයි.

ගංවතුරෙන් විනාශයට පත් වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමට ද ජනාධිපතිතුමා සිය නිරීක්ෂණ චාරිකාවේ දී  පොරොන්දු විය. එහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ප්‍රදේශවාසීන්ට සන්නිවේදන පහසුකම් සලසමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක්ව සේවා සැපයුම් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත. ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ස්මාට් පංතිකාමර ගොඩනැගිල්ලක් ද ස්ථාපනය කර තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සිසුන්ට E- Learning පහසුකම ලබාදීමට එමගින් හැකිව ඇත. සිංහරාජ රක්ෂිතය රැක ගනිමින් පරිසර හිතකාමී ලෙස සිදුකරන නෙළුව – ලංකාගම මාර්ගය සංවර්ධනය සහ දුෂ්කරතා රැසකින් පීඩා විඳිමින් සිට ලංකාගම ජනතාවගේ ගැටළු විසඳීමට මැදිහත්වීම පිළිබඳව ප්‍රදේශවාසීහූ ජනාධිපතිතුමා වෙත  කෘතඥතාව පළ කරති.

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා චීන කොරෝනාට හපන්

Next Post

ජනමාධ්‍ය අමාත්‍යංශයේ 4කට කොරෝනා

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.