ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
එම පිරිස අතර රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකු සහ තවත් සේවකයින් 02ක් ද සිටිති.
මේ වන විට ඔවුන්ගේ පළමු ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කොට ඇත.










