මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම පර්යේෂණය සිදුකර ඇති අතර මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වේ.
කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා මහාචාර්ය නීලිකා මලවිගේ. අද උදේ මට දැනගන්න ලැබුණා ඇය හොයා ගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව…. B.1.42 කියන වෛරස් එකක්.කොවිඩ් වෛරස් එකක්ම තමයි සාස් වෛරස් එකක්. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එක ද අමෙරිකාවේ තිබුණ එකද කියලා. මොකද ඇය සතුව ඒ සාම්පල නෑ. නමුත් ඇය දිගටම පර්යේෂණ කරනවා කොහේ හරි රටකට සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක අපිට තිබුණ එකක් නෙමෙයි පිටරටකින් අපිට ආපු එකක් කියලා.“










