ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු හමුවීමත් සමග ඊයේ (27) දින හමුවූ සමස්ත රෝගීන් ගණන 457 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් වාර්තාවී ඇති අතර අනෙක් 156 දෙනා මත්ස්‍ය වෙළඳසැල් පොකුරෙන් හමුවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේය.
මීට අමතරව මොරටුව, පානදුර සහ හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවන බවද කී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ නැවත දැනුම්දෙනතුරු එම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.










