ජාතික ආර්ථික සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් සිදුකෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන හෙට (27) උතුරු-මැද පළාත් සභා ශාලාවේදි ආරම්භ කෙරේ.
ඒ අනුව ,
- සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
- ජීවනෝපාය සංවර්ධන කමිටුව
- දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව ,
ලෙස රාජ්‍ය අමාත්‍යංශය ප්‍රධාන වශයෙන් කාණ්ඩ 04කට වෙන්කර ඇති අතර, ඒවායින් සමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව නියෝජනය කරන අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානින් හෙට අනුරාධපුරයේදි දිස්ත්‍රික් දේශපාලන නායකයින් හා රාජ්‍ය නිලධාරින් හමුවීමට නියමිතය.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පළාත් මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමෙන් සහ ග්‍රාමීය මට්ටමෙන් අමාත්‍යාංශවල වැඩසටහන් සකස් කරමින් අමාත්‍යංශ සහ දිස්ත්‍රික් අතර ආර්ථික සංවර්ධනයේදි සම්බන්ධීකරණය ඇති කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් අධ්‍යයනයත්, ජාතික ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කරන අතර කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් මෙම වැඩසටහන මෙහෙයවයි.










